හැඳින්විම

පහත සඳහන් මාතෘකාවන් මෙම ලිපිය මඟින් ආවරණය කරනු ලැබේ.

  • ස්ථාපනය සම්බන්ධ සටහන්

  • තාක්‍ෂණික පෙර දැක්ම

  • හඳුනාගත් ගැටළු

  • සාමාන්‍ය තොරතුරු

  • ධාවක නවීකරණ වැඩසටහන

  • ජාත්‍යන්තරකරණය

  • කර්නලය සම්බන්ධ සටහන්

Red Hat Enterprise Linux 5 සේවා දායකයන් තුල තිබෙන සමහර ප්‍රගමනයන් මෙම වෙළුමට අදාල මුදාහැරීමේ සටහන් තුල අන්තර්ගත වන්නේ නැත. පහත සඳහන් ඒකීය සම්පත් ගොනුව තුලින් නවීකරණය කරන ලද මුදා හැරීමේ සටහන් ලබාගත හැක:

http://www.redhat.com/docs/manuals/enterprise/RHEL-5-manual/index.html

සථාපනය සම්බන්ධ සටහන්

Red Hat Enterprise Linux සහ ඇනකොන්ඩා ස්ථාපනයන්ට අදාල තොරතුරු පහත සඳහන් කොටස් තුල අන්තර්ගත වේ.

සටහන

මේ වන විට ස්ථාපනය කර තිබෙන Red Hat Enterprise Linux ප්‍රගමනය කිරීම සඳහා, ඔබ විසින් වෙනස් වී ඇති ඇසුරුම් නවීකරණය කිරීම සඳහා Red Hat ජාලය භාවිත කිරීම අනිවාර්‍ය වේ.

ඔබ හට ඇනකොන්ඩා භාවිතා කර Red Hat Enterprise Linux 5 නව ස්ථාපනයක් හෝ නවතම නවීකරණ වෙළුම භාවිත කර ප්‍රගමනය කල හැකRed Hat Enterprise Linux 4 දක්වා Red Hat Enterprise Linux 5.

ඔබ Red Hat Enterprise Linux 5 හි අන්තර්ගතයන් සංයුක්ත තැටි තුලින් පිටපත් කරන්නේ නම් (උදාහරණයක් ලෙස ජාලය භාවිත සිදුකරන ස්ථාපනයක් සඳහා සූදානම් වන්නේ නම්) මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් එම සංයුක්ත තැටි පිටපත් කිරීමට වග බලාගන්න. අතිරේකව සපයා ඇති සංයුක්ත තැටි හෝ වෙනත් ස්ථර වලට අදාල සංයුක්ත තැටි පිටපත් නොකරන්න, එලෙස සිදු කලහොත් ඇනකොන්ඩා හට ස්ථාපනය නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය ගොනු එම සංයුක්ත තැටි හි අඩංගු ගොනු මඟින් නැවත ලියවෙනු ඇත. මෙම අතිරේකව සපයා තිබෙන සංයුක්ත තැටි ස්ථාපනය කල යුත්තේ Red Hat Enterprise Linux ස්ථාපනය කිරීමෙන් පසුව වේ.

ISO අන්තර්ගතයන් සහ ලියාපදිංචිය

Red Hat Enterprise Linux වෙළුමේ පටන් මෘදුකාංග කොටස් කළමණාකරනය සහ ඇසුරුම් කරනය නිශ්පාදන ගණයන්ට අනුකූලව සංවිධානය කර ඇත. විවිධ වර්ගයන්ට අයත් ISO පිළිඹුවන් ගණන දෙක දක්වා අඩුකර ඇත.:

  • Red Hat Enterprise Linux 5 සේවා දායකය

  • Red Hat Enterprise Linux 5 සේවා ග්‍රාහකය

මූලික බෙදාහැරීමට අමතරච අථත්‍යකරණය, ක්ලස්ටර් ගබඩාකරණය හා ක්ලස්ටර් සම්බන්ධ සියල්ල, ISO පිළිඹුබු තුල මෘදුකාංග ඇසුරුම් සහ විකල්ප නිධිමඟින් මූලික බෙදා හැරීමට අමතර පහසුකම් ලබාදෙනු ලැබේ. සේවාදායකයන් හා සේවාග්‍රාහක වැඩසටහන් සම්බන්ධ වැඩි විස්තර ලබාගැනීම සඳහා වෙත යොමුවන්න http://www.redhat.com/rhel/.

ISO පිළිඹුවේ හෝ විකල්ප විෂය හෝඅතිරේකව සපයා තිබෙන අන්තර්ගතය එකම වෘක්‍ෂයක තිබීම වැදගත් වේ, මෙම කොටස් අතරේ අසමානතා නොතබන්නට වග බලාගත යුතු අතරීඑලෙස සිදු කිරීම දෝශයන් හෝ ආරක්‍ෂාවට තර්ජනයක් වීමට ඉඩ ඇත.

ලබා දී තිබෙන කොටස් ග්‍රාහකත්වය සමඟ සමපාත වේදැයි දැනගැනීම සඳහා Red Hat Enterprise Linux 5 සමකාලීන කල යුතුව ඇත. මේ සඳහා කරුණාකර ස්ථාපන අංකය ඇතුල් කරන්න, මෙ මඟින් ඔබේ පද්ධතියට අදාල ඇසුරුම් සියල්ල නිසියාකාරව මාන කිරීමට හැකිවනු ඇත.

ඔබ ස්ථාපන අංකය ඇතුලත් කිරීම මඟ හරින්නේ නම් මෙය සාමාන්‍ය ඩෙස්ක්ටොප් ස්ථාපනයක් හෝ සේවාදායක ස්ථාපනයක් වනු ඇත. අතිරේක ක්‍රියාකාරකම් පසුව එකතුකල හැක. ස්ථාපන අංකයන් සඳහා වැඩිවිස්තර ලබාගැනීම සඳහා http://www.redhat.com/apps/support/in.html වෙත යොමුවන්න.

ස්ථාපන අංකය මෙම ස්ථාපන ක්‍රියාවලියේදී/etc/sysconfig/rhn/install-num ගොනුව මත ගබඩා කරනු ඇත. Red Hat ජාලය සමඟ ලියාපදිංචි වීමේදී, මෙම ගොනුව rhn_register මඟින් ස්වයංක්‍රීයව මෙම පද්ධතිය ග්‍රාහකත්වය ලබාගත යුතු ඕඩයන් වෙත පද්ධතිය ග්‍රාහකත්වය සඳහා රැගෙන යනු ඇත.

නව RPM GPG අත්සන් කල යතුරු

Red Hat Enterprise Linux 5 ඇසුරුම් පිටසන් කිරීම සඳහා නව නිකුතුව මඟින් පිටසන් යතුරක් භාවිතා කර ඇත. මෙම පද්ධතිය මුල් වරට නවීකරණය කරන විටදී මෙම යතුර ස්ථාපනය කිරීමට ඔබවිසින් ඉඩ දිය යුතුව ඇත.

අතසන් කරන ලද යතුරු බෙෙදාහරන්නේ පහත සඳහන් ගොනු සමඟ වේs:

  • /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-redhat-release — තුල නව නිකුතුව සඳහා වන පිටසන් යතුර ඇතුලත් වේ

  • /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-redhat-auxiliary — දැනට භාවිතයේ නොමැති, අතිරේක පොදු පිටසන් යතුර මීට ඇතුලත් වේe

  • /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-redhat-former පෙර පැවති Red Hat Enterprise Linux නිකුතුවන් සඳහා භාවිත කල පිටසන් යතුර — ඇතුලත් වේ

Subversion

Red Hat Enterprise Linux 5, Subversion වෙළුම් පාලන පද්ධතිය Berkeley DB 4.3 හා සම්බන්ධ කර තිබේ. Red Hat Enterprise Linux 4 හි සිට ප්‍රගමනය කරන්නේ නම් පද්ධතිය මත තිබෙන ඔනෑම Subversion නිධියන් සකසා ඇත්තේ Berkeley DB භාාවිත කරමින "BDB" ("FSFS" මෙම ගොනුපද්ධති වෙනුවට BDB භාවිත කර ඇත), ප්‍රගමනයෙන් පසුව නිධි වෙත පිවිසීම ගැන කල්පනාකාරී වන්න. පහත දැක්වෙන ක්‍රියාවලිය Red Hat Enterprise Linux 4 මත ක්‍රියාත්මක කරන්න, Red Hat Enterprise Linux 5වෙත ප්‍රගමනය කිරීමට පෙර:

  1. දැනට ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් සියල්ල වසා දමා කිසිම ක්‍රියාදාමයකට නිධිය තුලට පිවිසීමට ඉඩ නොදීමට වග බලා ගන්න (උදාහරණයක් ලෙස, httpd, svnserve හෝ සෘජුව කිසිම දේශීය පරිශීලක කෙනෙකුට).

  2. පහත සඳහන් විධානය භාවිතා කර නිධියේ පිටපතක් සාදා ගන්න.:

    svnadmin dump /path/to/repository | gzip 
    > repository-backup.gz
    
  3. svnadmin recover විධානය නිධිය මත ක්‍රියාත්මක කරන්න:

    svnadmin recover /path/to/repository
    
  4. නිධිය තුල භාවිතයට ගෙන නොමැති ඉපි සියල්ල මකා දම්න්න:

    svnadmin list-unused-dblogs /path/to/repository | xargs rm -vf
    
  5. නිධිය තුල පොදුවේ තබාගෙන ඇති සියළු මතක ගොනු මකා දමන්න:

    rm -f /path/to/repository/db/__db.0*
    

අනෙකුත් ස්ථාපන සටහන්

  • වෙන්වූ ස්ථාපන මාධ්‍යක් භාවිතයෙන් Red Hat Enterprise Linux 5 ස්ථාපනය කරන විට (උදාහරණයක් ලෙස, CD or NFSISO), amanda-server ස්ථාපනයේදී දෝශයක් ඇතිවිය.

    amanda-server භාවිතා කිරීමට ඔබ අදස් කරන්නේ නම්, ඔබ එය ස්ථාපනය කල යුත්තේ yum භාවිතා කර Red Hat Enterprise Linux 5 ස්ථාපනය කල පසුව වේ.

    වෙන්වූ මාධ්‍යක් භාවිතා කරන විටටමෙම ගැටළුව මඟින් ස්ථාපනයසඳහා බලපෑමක් සිදුකරන්නේ නැත උදාහරණයක් ලෙසe, DVDහෝr NFSවෘක්‍ෂ ස්ථාපනයන්s).

  • IDE/PATA (Parallel ATA) ධාවකයන් "100% සහජ" ලෙස මානකරනය කර ඇත්නම්, සමහර BIOS ඇතැම්විට Red Hat Enterprise Linux 5 ස්ථාපනය සාර්ථක ලෙස සිදුකිරීම වලක්වනු ඇත. මෙය ඇතිවීම වලක්වා ගැනීම සඳහා, IDE/PATA "උරුම ලෙස" BIOS හී මානකරගන්න.

  • IBM System z මඟින් සාම්ප්‍රදායික Unixආකාරයේ භෞතික විධාන පුවරුවක් ලබාදෙන්නේ නැත. Red Hat Enterprise Linux 5 , IBM System z සඳහා firstboot ක්‍රියාකාරීත්වය පද්ධතිය ප්‍රථම වතාවට ආරම්භ වන විට ආරම්භ වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නැත.

    Red Hat Enterprise Linux 5 තුල IBM System z, පද්ධති මත නිසියාකාරව ආරම්භනය කර සැකසීම සඳහා ස්ථාපනයට පසුව පහත සඳහන් විධානයන් ක්‍රියාත්මක කරන්න:

    • /usr/bin/setup — ලබාදෙනුයේ setuptool ඇසුරුම මඟිනි.

    • /usr/bin/rhn_register — ලබාදෙනුයේ rhn-setup ඇසුරුම මඟිනි.

  • ස්ථාපන ක්‍රියාවලියේදී, ඇනකොන්ඩා (Anaconda) මඟින් ස්ථාපනය කලයුතු කර්නලය, ස්වයංක්‍රීයව තෝරාගන්නවා ඇත. පෙර සැකසුම් කර්නලය මඟින් තෝරාගන්නා ලද කර්නලය මඟින් Red Hat Enterprise Linux 5 හට 4GB RAM ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කරගැනීමේ හැකියාවක් නොමැත. ඔබේ පද්ධතිය තුල 4GB කට වඩා RAM තිබේ නම්, kernel-PAE වන කර්නලය ඔබ විසින් ස්ථාපනයට පසුව තෝරාගත යුතු බව කරුණාවෙන් සලකන්න.

    අථත්‍ය ස්ථාපනය සිදුකරන විට මෙය අදාල නොවන බව මතක තබාගන්න.

  • ඔබ Anaconda, PXE සමඟ ksdevice=bootif පරාමිතිය භාවිතා කරමින් ආරම්භ කරන විට, ඔබ හට ethernet අතුරු මුහුණතක් ස්ථාපනය සඳහා යොදාගැනීම සඳහා යොමුකරනු ඇත. ඔබ සතුව එක් ethernet උපාංගයක් පමණක් භාවිතයේ තිබේ නම්, ksdevice=link පරාමිතිය භාවිතා කරන්න. විකල්පයක් ලෙස එම අතුරුමුහුණත ඔබට ශ්‍රමිකව යෙදවීමටද පුළුවන් වේ.

තාක්‍ෂණික පෙර දැක්ම

තාක්‍ෂණික පෙර දැක්ම සතු අංගයන් දැනට Red Hat Enterprise Linux 5 ග්‍රාහකත්වය යටතේ පහසුකම් සපයන්නේ නැත , ක්‍රියාකාරීත්වය සම්පූර්ණ නැත, තවද නිශ්පාදන කටයුතුවලදී භාවිතයට ගැනීමට සුදුසු නැත. කෙසේ නමුත් පාරිභෝගිකයන්හට නව අත්දැකීමක් ලබාදීමට නව අංගයන් ලෙස මේවා ඇතුලත්කර ඇත.

නිශ්පාදන නොවන පසුබිමක් තුලදී පාරිභෝගිකයින් විසින් මෙම අංගයන් වඩාත් ප්‍රයෝජනවත් අංගයක් ලෙස සලකනු ඇත. මෙම අංගයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ අදහස් ඉතා වැදගත් ලෙස සලකන හෙයින්, මෙම තාක්‍ෂණික පෙර දැක්ම තුල ඉදිරිපත්කර තිබෙන අංගයන් සම්බන්ධයෙන් තමන්ට රිසි ලෙස හැඟෙන අයුරින් අදහස් දැක්වීම අප ඉතා කැමැත්තෙන් පිළිගනු ලබනවා. භයානක ආරක්‍ෂක ගැටළු වලට අදාලව ඉරට්ටාවන් මේ සඳහා නිකුත් කෙරෙනු ඇත.

තාක්‍ෂණික පෙර දැක්මන් ලෙස සපයා ඇති බොහො අංගයන් බොහොවිට ප්‍රජාව වෙත පරික්‍ෂා කිරීම සඳහා නිකුත් කරනු ඇත.Red Hatබලා පොරොත්තුව වන්නේ ප්‍රධාන නිකුතුවකට පෙර සිදු කරන නිකුත් කිරීම් තුල මේවා අන්තර්ගත කිරීම වේ.

අස්ථායි Linux

Stateless Linux අදාල සැකසුමට අදාල කොටස් Red Hat Enterprise Linux 5 නිකුතුවන් සමඟ ඇතුලත් කර ඇත. Stateless Linux යනු නව සංකල්පයක් මත සාදා ඇති වැඩසටහනක් වන අතර එමඟින් නව ආකාරයකට විශාල පද්ධති කළමණාකරනය කිරීම, ආදේශ කිරීම සහ ක්‍රියාත්මක කිරීමත් මීට අයත්වේ. මෙය මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ පද්ධතියේ තත්වය නිරීක්‍ෂණය නොකරන පද්ධති මත සකස්කරන ලද පිළිඹුවන් පිටපත් කොට සමාන පිළිඹුවන් එවැනි පද්ධති මත ස්ථාපනය කිරීමෙනි, මෙහිදී මෙහෙයුම් පද්ධතිය ක්‍රියාකරන්නේ කියවීමට පමණක් හැකි ආකාරයෙනි(read-only) (වැඩි විස්තර සඳහා කරුණාකර /etc/sysconfig/readonly-root වෙත යොමුවන්න).

මෙය තවම ප්‍රවර්ධන අවධියේ පසුවේ අස්ථායි ක්‍රියාකාරකම් බලාපොරොත්තු වන ඉලක්කයන්ගේ අනු කොටස් වේ.එබැවින් මෙම හැකියාවන් දැනට තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස ඇතුලත් කර ඇත.

පහත ලයිස්තුවෙන් දැක්වෙනුයේ Red Hat Enterprise Linux 5 beta තුල අන්තර්ගතව කර තිබෙන මූලික හැකියාවන් වේ:

  • NFS මත අස්ථායි පිළිඹුවක් ක්‍රියාකරවමින්

  • NFS මත අස්ථායි පිළිඹුවක් ලූප් බැක් මාර්ගයෙන් ක්‍රියාත්මක කරමින්

  • iSCSI තුල ක්‍රියාත්මක කරමින්

අස්ථායි කේත රචන දැන ගැනීමට රුචිකත්වයක් දක්වන සැම හට HOWTO ලේඛණ කියවීම ඉතා ඉහලින් රෙකමදාරු කරනු ලබනවා, එම ලේඛණ පහත සඳහන් ස්ථානයෙන් ලබා ගැනීමට හැකhttp://fedoraproject.org/wiki/StatelessLinuxHOWTO and join stateless-list@redhat.com.

GFS2

GFS2 GFS මත පදනම වූ ගොනු පද්ධතියකි. GFS2 ගොනු පද්ධතිය තවමත් නිශ්පාදන මට්ටමේ නොමැත. GFS වසර පහක පමණ කාලයක් තිස්සේ නිශ්පාදන මට්ටමේ පවතී, මෙම නිකුතුවත් සමඟ මෙය සපයා ඇති අතර ක්ලස්ටරයන් නොවන ගොනු පද්ධති මත මෙය ක්‍රියාත්මක වේ.(එනමුත් root සඳහා boot ද හැරුණු විට), ක්ලස්ටර් ගොනු පද්ධති මතද පොදුවේ තබා ගන්නා ගොනු පද්ධතියක් ලෙස භාවිත කිරීමට හැකි වේ. GFS2 ඉලක්ක ගත කර ඇත්තේ Red Hat Enterprise Linux 5 ප්‍රගමනුන් ලෙස වේ. මේ සඳහා පරිවර්තන උපාංගයක්ස භාවිතයේ ඇත, gfs2_convert, මෙමඟින් GFS ගොනු පද්ධතීන් GFS2 ලෙස පරිවර්තනය කල හැක.

FS-Cache

FS-Cache යනුවෙන් හැඳින් වෙනුයේ දේශීයව දුරස්ථ ගොනු පද්ධති මතකයේ රඳවාගත හැකි පහසුකමක් වේ; පරිශීලක වරුන් හට NFS දත්තයන් දේශීයව සවිකර ඇති තැටියකට ගබඩා කිරීමේ පහසුව මින් සැලසෙනු ඇත. FS-Cache පහසුකම සකසුරුවම් කර ගැනීම සඳහා, cachefilesd RPM ඇසුරුම ස්ථාපනය කර /usr/share/doc/cachefilesd-<වෙළුම>/README ඇති උපදෙස් අනුගමනය කරන්න.

ස්ථාපනය කර තිබෙන<වෙළුම> සමගාමී වෙළුමක් වන cachefilesd සමඟ ආදේශ කරන්න.

Compiz

Compiz OpenGL-based මත පදනම් වූ කවුළු කළමණාකරන වැඩ සටහනක් වේ. සාමාන්‍ය කවුළු කලමණාකරනයට අමතරව, compiz කළමණාකරුවෙකු ලෙස හැසිරෙනු ලබයි. මෙහිදී,ඩෙස්ක්ටොප් එක මත සිදුකලයුතු ක්‍රියාවලිය මනා ලෙස සම්බන්ධීකරණය කර ස්ථාවර ඩෙස්ක්ටොප් එකක් ලබාදෙනු ලබයි.

Compiz 3D දෘඪාංග වේගවත් කිරීමට සහ සජීවි කුඩා කවුළු සහ කවුළු සෙවනැලි දර්ශණය කිරීමටත් ඒවා ප්‍රාණවත්ව කවුළු කුඩා කිරීමටත් සහ අථත්‍ය ඩෙස්ක්ටොප් අතර සිදුවන සංක්‍රමණයන් විදහා පෑමටත් උපයෝගි කරගනු ලබනවා.

වත්මන් දර්ශණ පරිස්ථිතියේ සීමා සහිත බව නිසා compiz OpenGL හා Xv දිගු සහිත වැඩසටහන් මත ඍජු දර්ශණ පහසුකම නිසියාකාරව ක්‍රියා නොරනු ඇත; compiz මේවන විට තාක්‍ෂණික පෙරදැක්මක් වන නිසා දර්ශණය වීමේ යම් යම් හානිදායක නොවන දෝශයන් ඇතිවිය හැක.

Ext3 සදහා වන වැඩි දියුණු කිරීම්

Red Hat Enterprise Linux 5, EXT3 ගොනු පද්ධතියේ ප්‍රමාණය 8TB වඩා වන උපරිමය වන 16TB දක්වා ඉක්මවා තිබේ. මෙම පහසුකම ඇතුලත් කර තිබෙනුයේ තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස වේ Red Hat Enterprise Linux 5 හිදී මෙම තත්වය මඟහැරී සම්පූර්ණ පහසුකම මින් ලබා දෙනු ඇත.

AIGLX

AIGLX තාක්‍ෂණික පෙරදැක්ම සමඟ තිබෙන අංගයක් වන අතර එස්ව නොවන්නේ නම් X සේවාදායකයේ කොටසක් ලෙස එය ක්‍රයාත්මක වනු ඇත. ත්‍රව්ර GL ක්‍රියාවලි සඳහා සම්මත මේස පරිගණකයක ක්‍රියාව සක්‍රීය කරනු ලබයි. මෙම ව්‍යාපෘතියට පහත සඳහ්න අංග ඇතුලත් වේ:

  • සුළු ලෙස සංශෝධනය කර තිබෙන X සේවාදායකය

  • නවීකරණය කරනලද Mesa ඇසුරුම මඟින් නව වාහක පහසුකම එකතු කල හැක

මෙම උපාංගයන් ස්ථාපනය කිරීම මඟින්, සුළු වෙනස්කම් කීපයක් මඟින් වේගවත් GL ක්‍රියාවන් ඔබේ ඩෙස්ක්ටොප් එක මත ක්‍රියාකරවීමට පුළුවන, තවද x සේවාදායකය මාරු නොකර මෙය අක්‍රීය හා සක්‍රීය කලහැක. AIGLX මඟින් දුරස්ථ GLX වැඩසටහන් සඳහා වන දෘඪාංග වේගවත් මව ලබාගත හැකිය.

Frysk GUI

frysk ව්‍යාපෘතියේ අරමුණ වන්නේ බුද්ධිමත්, ජාල පුරා විහිදී තිබෙන ඕනෑම අවස්ථාවක නිරීක්‍ෂණය කිරීමේ හා දෝෂ හරණයේ හැකියාව ඇති උපකරණයක් නිර්මාණය කිරීම වේ, එමඟින් පද්ධති පාලකයින් හට පහත සඳහන් දෑ කලහැකි වේ:

  • දැනට භාවිතයේ තිබෙන කාර්යයන් සහ ත්‍රෙඩ් නිරීක්‍ෂණය කිරීම (සිදුවීම් සෑදීම සහ බිඳ දැමීම ඇතුළුව)

  • අගුළුදැමිය හැකිාප්‍රාථමිකයන් නිරීක්‍ෂණය කිරීමන

  • ඩෙඩ්ලොක්ස් නිරාවරණය කරන්න

  • දත්ත එකතුකරන්න

  • ඕනෑම ක්‍රියාවලියක දෝශහරණය සඳහා පහත සඳහන් ලැයිස්තුවෙන් එකක් තෝරාගැනීමෙන් හෝ frysk මඟින් කේත රචනය විවෘත කර වෙනස් ආකාරයකට හැසිරෙන හෝ නිතරම විනාශවන ක්‍රියාවලියක් නිරීක්‍ෂණය කල හැකිය.

Red Hat Enterprise Linux 5 තුල frysk චිත්‍රක අතුරුමුණත ඇතුල් කර තිබෙන්නේ තාක්‍ෂණික පෙර දැක්මක් ලෙසය, එනමුදු frysk විධාන පුවරුවේ සිටද ක්‍රියාත්මක කල හැකිවේ.

Systemtap

Systemtap නිදහස් මෘදුකාංග (GPL) සැකසුම මඟින් දැනට ක්‍රියාත්මක Linux පද්ධතිය සම්බන්ධව තොරතුරු දැනගැනීමට හැකි වේ.) මෙමඟින් ක්‍රියාකාරීත්වයේ හෝ කාර්‍යක්‍ෂමතාවය සම්බන්ධ දෝශයන් චිකිත්සා කර දැනගත හැකිවේ. systemtap විධානය මඟින් වෙනත් අසීරු මෙවලම් මේ සඳහා භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.

Dogtail

Dogtail යනු Python භාවිතා කර ලියාතිබෙන චිත්‍රක භාවිතයෙන් ක්‍රියාකරන පරීක්‍ෂක උපකරණයකි මෙය ඩෙසක්ටොප් වැඩසටහන් සමඟ සන්නිවේදනය කරගැනීම සඳහා Accessibility තාක්‍ෂණයන් භාවිතා කරනු ලබයි.

සිංහල සහ ඉන්දියානු භාෂා පහසුකම

Red Hat Enterprise Linux 5 තවද පහත දැක්වෙන භාෂාවන් තාක්‍ෂණික පෙර දැක්මක් ලෙස පහසුකම් සපයනු ඇත:

  • ඇසමීස්

  • කන්නද

  • සිංහල

  • තෙලිඟු

මෙම භාෂාවන් කෙලෙස ස්ථාපනය කර සක්‍රීය කරගන්නේද යන වග ගැන දැනගැනීම සඳහා මෙම පොතේ ජාත්‍යන්තරකරණය (Internationalization)කොටස වෙත යොමු වන්න.

dm-multipath උපාංගයන් වෙත ස්ථාපනය කරමින්

dm-multipath උපාංගයන් හඳුනාගැනීමට, සෑදීමට සහ ස්ථාපනය කිරීමේ හැකියාව ඇනකොන්ඩා සතුවේ. මෙම අංගය සක්‍රීය කිරීමට mpath පරාමිතිය කර්නලයේ ඇරඹුම් රේඛාවට ඇතුලත් කරන්න.

උපාංගයේ major:minor අංකයන් වෙනස්වීම තුලින් mpath පරාමිතියන් මඟින් ආරම්භය අසාර්ථක වීමට ඉඩ තිබේ.මෙම දෝශය Red Hat Enterprise Linux 5 නවීකරනයේදී මෙය නිසියාකාරව සකසනු ඇත.

ස්තහාපනය / iSCSI මෘදුකාංග ආරම්භය සඳහා වන ආරම්භනය (open-iscsi)

Anaconda මඟින් iSCSI උපාංග මත ස්ථාපනය සඳහා අවකාශ ලබාදේ. QLogic qla4xxx දෘඪාංග ආරම්භනය සමඟින් ඇරඹුම සහ ස්ථාපනය සඳහා පහසුකම් සලසනු ලබයි. open-iscsi මෘදුකාංග ආරම්භකය සඳහා iSCSI උපාංගය මත ස්ථාපනය කිරීමේ පහසුකම ඇතුලත් කර තිබෙන්නේ තාක්‍ෂණික පෙර දැක්මක් ලෙසින්ය, මීට හේතු වන්නේ පහත සඳහන් කරුණු වේ:

  • පාඨමය ස්ථාපනය අසම්පූර්ණයි. ඔබ විසින් චිත්‍රක හෝ kickstart ස්ථාපනයක් සිදුකල යුතුය.

  • මාධ්‍ය මත පදනම්ව සිදුකරන ලද ස්ථාපනය අසාර්ථකයි. ඔබ විසින් ජාල මත පදනම් වන ස්ථාපනයක් සිදුකල යුතුය.

  • කාලය මත පදනම් වන ක්‍රියා මත, Anaconda හට සියළුම iSCSI ඉලක්කයන් හෝLUNs හඳුනාගැනීමට නොහැකි වනු ඇත. මෙම තත්වය ඇති වූ විට, ස්ථාපකයේ විධාන පුවරුව මෙවැනි ගබඩා උපකරණ මාන කිරීම සඳහා iSCSI විධානයන් හරහා භාවිතයට ගන්න.

  • iscsid deamon නිසියාකාරව ආරම්භ වී නොමැත. මේ නිසා iSCSI මගින් ඇතිවෙන දෝශයන් නිසියාකාරව හසුරවීමද කල නොහැකි වේ, ජාල සම්බන්ධ ගැටළු, SCSI/iSCSI කල් ඉකුත්වීම්, සහ ඉලක්කගත දෝශයන්. iscsid daemon ක්‍රියාත්මක වන බව තහවුරු කරගැනීම සඳහා, iscsiadm -m session -i විධානය ක්‍රියාත්මක කර පහත දැක්වෙන රේඛාව නිරීක්‍ෂණය කරන්න, Internal iscsid Session State: අගයක් ලබාදෙනු ඇත (මෙහි අගය විවිධ පරාසයන් ගන්නා ඇත).

  • විවිධ ඉලක්කගත iSCSI භාවිතයන් සඳහා, පද්ධතිය නවතාලීමේදී ඇණ හිටීමට බොහෝදුරට ඉඩ ඇත.

  • විවිධ ඉලක්කගත iSCSI භාවිතයන් සඳහා, පද්ධතිය නැවත ආරම්භ කිරීමේදී ඇණ හිටීමට බොහෝදුරට ඉඩ ඇත. මෙය මඟහරවා ගැනීම සඳහා පද්ධතිය වසාදමා නැවත ආරම්භ කරන්න (එක් සැසියක් තුල නැවත ආරම්භ කිරීම වෙනුවට).

  • IBM System p පද්ධති මත iSCSI උපාංග ආරම්භ කිරීම නිසිලෙස සිදු නොවනු ඇත. iSCSI උපාංගය තුල ස්ථාපනය නිසිලෙස සිදු වූවද, පසුව පද්ධතිය ආරම්භ කිරීම නිසි ලෙස සිදු නොවනු ඇත.

  • ස්ථාපනයට පසුව සිදුකෙරෙන මුල් ඇරඹුමේදී, පහත දැක්වෙන ආකාරයේ SELinux අදාල දෝශයන් ඇතිවීමට ඉඩ තිබේ:

    kernel: audit(1169664832.270:4): avc:  denied  { read
    } for  pid=1964 comm="iscsid" 
    

    මෙය මඟහරවා ගැනීම සඳහා පද්ධතිය enforcing=0 කර්නල් පරාමිතිය සමඟ ආරම්භ කරන්න. පද්ධතිය ආරම්භ වූ පසුව, setenforce 1 විධානය භාවිතා කර එය enforcing මාතය වෙත යොමුකරන්න.

මෙම සීමාවන් Red Hat Enterprise Linux 5 නවීකරණයන් මඟින් සකස්කරනු ඇත.

හඳුනාගත් ගැටළු

  • MegaRAID ධාවකයන් භාවිතා කරන හොස්ට් බස් ඇඩප්ටර් (Host bus adapters ) "I2O" මාත හැඩයෙන් නොව "Mass Storage" මාත හැඩයෙන් පරිහරණය කලයුතු වේ, . මෙය සිදු කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න:

    1. MegaRAID BIOS සකසුරුවම් කරන උපකරණය ඇතුල් කරන්න.

    2. ඇඩප්ටර පරිස්ථිති මෙනුව ඇතුල් කරන්න.

    3. අනෙකුත් ඇඩප්ටර විකල්පයන්, යටතේ අනුස්පර්ධාව තෝරාගෙනවිශාල ගබඩා කරණය ලෙස සකස් කර ගන්න.

    ඇඩප්ටරයට වැරදි ලෙස "I2O" අනුස්පර්ධාව ලෙස යොදා තිබෙ නම්, පද්ධතිය විසින් i2o ධාවකය රුවන්නට පටන් ගනු ඇත. මෙය අසමත් වන අතර, ඇඩප්ටරය භාවිත කල නොහැකි ලෙස දිස් වෙයි.

    Red Hat Enterprise Linux නිකුතුව සාමාන්‍යයෙන් I20 ධාවකය MegaRAID ධාවකයට ප්‍රථම රුවා ගැනීමට උත්සුක නොකරයි. මෙය ඉවතලා Linux මත භාවිත කරන විට "Mass Storage" අනුරූපී මාතය ලෙස යොමු කරන්න.

  • සම්පූර්ණයෙන්ම අථත්‍යකරණ ලද ආගන්තුකයකු vcpus=2සමඟ මානකරන විට, එම ආගන්තුක පරිශීලක ඉතා දිගු වේලාවක් ආම්භකිරීමට යොදාගන්නා බව මතක තබාගන්න.

    මෙය මගහරවා ගැනීම සඳහා, පහත දැක්වෙන විධානය භාවිතා කර මන්දගාමී ඇරඹුමක් සහිත ආගන්තුන්කයින්ව නවතා දමන්න xm destroy <guest id> පසුව xm create <guest id> එම ආගන්තුකයින්ව නැවත ආරම්භ කිරීම සඳහා භාවිතා කරන්න.

  • Red Hat Enterprise Linux 5 සතුව openmpi-1.1.1-4.el5 (OFED 1.1 බෙදාහැරීම මඟින්), මෙය සම්පූර්ණයෙන් නැවතී ඇති බව සොයාගන්නා ලදී. openmpi අඩුක්කුව විචල්‍ය කාලවේලාවක් පැවතීමෙන් මෙලෙස සිදුවිය.

    openmpi නවීකරණය කරන ලද වෙළුම් සඳහා, කරුණාකර පරීක්‍ෂා කරන්න http://people.redhat.com/dledford/Infiniband/openmpi

  • Windows Server 2003 ආගන්තුකයෙකු ලෙස සම්පූර්ණ අථත්‍යකරන ලද Red Hat Enterprise Linux 5 පද්ධතියේ ස්ථාපනය කරන විට, බලාපොරොත්තු නොවූ ලෙස ස්ථාපනයේ පලමු කොටස හමාර වී ස්ථාපනය නතරවිය. මෙය සිදුවන විටදී, චිත්‍රක විධන කවුළුව වැසුනු අතර ආගන්තුක පරිශීලක Virtual Machine Managerපරිගණකයන්ගෙන් අතුරුදහන් විය,Broken pipe දෝශයක් පසුව සටහන් විය.

    මෙම ගැටළුව මීලඟට නිකුත් කිරීමට නියමිත Red Hat Enterprise Linux 5 නවීකරණය සමඟ නිරාකරනය කරනු ඇත. මෙය මඟහරවා ගැනීම සඳහා පහත දැක්වෙන විධානය විධාන පුවරුවක් භාවිතයෙන් ඇතුල්කරන්න:

    xm create /etc/xen/<name of guest machine>

    මීට පසුව අථත්‍යකරණ යාන්ත්‍රණය ආරම්භකරන්න.

  • When attempting to create a fully virtualized Windows Server 2003 from a CD / DVD භාවිතා කර සම්පූර්ණයෙන් අථත්‍යකරන ලද Windows Server 2003 සෑදීමට උත්සහ කරන විටදී, ආගන්තුක ස්තහාපනයේ දෙවන කොටස නැවත ආරම්භයේදී ඉදිරියට කරගෙන යාමට නොහැකි විය.

    මෙය මඟහරවා ගැනීම සඳහා, සංශෝධනය කරන්න /etc/xen/<ආගන්තුක පරිගණකයේ නම> CD / DVD උපාංගයේ ප්‍රවේශය නිසියාකාරව එකතු කරන්න.

    සාමාන්‍ය ගොනුවකට ස්ථාපනය කිරීම අථත්‍ය උපාංගයක් ලෙස භාවිතාකරනු ලැබුවේ නම්, තැටි රේඛාව /etc/xen/<ආගන්තුක පරිගණකයේ නම> පහත සඳහන් ලෙස කියවනු ලැබේ:

    disk = [ 'file:/PATH-OF-SIMPLE-FILE,hda,w']
    

    ධාරකය මත තිබෙන DVD-ROM උපාංගය /dev/dvd ලෙස සොයාගත හැකිවන අතර ස්ථාපන ක්‍රියාවලියේ දෙවන අදියරේදී 'phy:/dev/dvd,hdc:cdrom,r' භාවිතා කිරීම මඟින් එය hdc ලෙස හඳුනාගත හැක. එබැවින් තැටි රේඛාව දැන් කියවෙන්නේ පහත සඳහන් අයුරින් වේ:

    disk = [ 'file:/opt/win2003-sp1-20061107,hda,w', 'phy:/dev/dvd,hdc:cdrom,r']
    

    ඔබේ දෘඪාංග මත පදනම්ව උපාංගයේ මාර්ගය වෙනස්වනු ඇත.

  • rmmod xennet විධානය domU බිඳවැටීමට මුල පුරයි; මීට හේතු වන්නේ අථත්‍යකරණය තුල grant වගුවේ තිබෙන අංගයක් නිසා වේ. අසම්මිතික ලෙස grant වගුවේ ක්‍රියාකාරකම් මුදාහැරීමට අථත්‍යකරණයට නොහැකි නිසා xennet මොඩියුල ආගන්තුකයින් හට ආරක්‍ෂාකාරී නොවේ. මෙවැනි අවස්ථවන්හීදී grant වගු මඟින් බැක්එන්ඩ් එක සහ ෆ්‍රන්ට් එන්ඩ් එක සමඟ අදහස් හුවමාරු කරනු ලබයි, මෙහිදී එම යොමුවන් නිදහස්කරන්නේද යන්න ගැන සහතික විය නොමැති අතර වලකාලිය නොහැකි මෙමරි ලීක් තත්වයන්ද මින් ඇතිවීමට ඉඩ තිබේ.

    මෙම ගැටළුව Red Hat Enterprise Linux 5 නිකුතුවේදී නිරාකරණය කරනු ඇත. මෙම අවස්ථාවේදී, xennet මොඩියුලයන් ආගන්තුකයින් ලෙස විසන්ධි නොකරන ලෙස අවවාද කරනු ලැබේ.

  • ethtool eth0 විධානය ක්‍රියාත්මක කිරීමේදී ජාල සම්බන්ධක කාඩ් පිළිබඳ අසම්පූර්ණ තොරතුරු සපයනු ලබයි. මෙලෙස සිදුවෙනුයේපද්ධතිය මඟින් අථත්‍යකරණ ලද කර්නලයක් භාවිතා කරන විටදී වෙයි, අථත්‍යකරනයේදී ජාලයක් භාවිතාකරන විටභෞතික ජාල සම්බන්ධක කාඩ්පත හඳුන්වනු ලබන්නේpeth0. ලෙසය මෙවැනි විටදී ඔබේ උක්ත උපකරණය සම්බන්ධ නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කලයුත්තේethtool peth0. විධානය වෙයි

  • Red Hat Enterprise Linux 5 nVidia CK804 චිප් සෙට් එකක් ස්ථාපනය කරතිබෙන පද්ධතියක ස්ථාපනය කිරීමේදී, පහත සඳහන් ආකාරයට සමාන කර්නල් පණිවිඩයන් ඔබහට ලැබෙනු ඇත:

    kernel: assign_interrupt_mode Found MSI capability
    kernel: pcie_portdrv_probe->Dev[005d:10de] has invalid IRQ. Check vendor BIOS
    

    මෙම පණිවිඩයෙන් කියවෙන්නේ ඇතැම් PCI-E සිදුරු IRQ විමසන්නේ නොමැති බවයි. තවද, මෙම පණිවිඩයන් මඟින් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඉල්ල වන්නේ නැත.

  • ඇතැම් Cisco Aironet රැහැන් රහිත ධාවකයන් NetworkManager හට රැහැන්රහිත ජාලයන් තුල SSID විකාශණය නොකරන සම්බන්ධතා තොරතුරු ගබඩාකල නොහැක. මීට හේතු වන්නේ Cisco Aironet රැහැන් රහිත දෘඪාංගයේ සීමාවන් වේ.

  • ජාල මත පදනම්ව සිදුකෙරෙන ස්ථාපනයකදීCisco Aironet MPI-350 රැහැන් රහිත කාඩ්පත තිබෙන ලැප්ටොප් පරිගණකයන් DHCP මාර්ගයෙන් ලිපිනයක් ලබාගැනීමට යාමේදී එම ක්‍රියාවලි අතරමඟ නතර වීමට එඩ ඇත.

    මෙය මඟහරවා ගැනීමට, ස්ථාපනය සඳහා ඔබේ දේශීය මාධ්‍ය තෝරාගන්න. විකල්පයක් ලෙස, ස්ථාපනයට පෙර ඔබේ ලැප්ටොප් පරිගණකයේ BIOS මඟින් රැහැන් රහිත කාඩ්පත අක්‍රීය කරගන්න (ස්ථාපනය අවසන් වූ පසුව මෙය නැවත සක්‍රීය කරගැනීමට ඔබට පුළුවන).

  • මේ මොහොතේදී, system-config-kickstart මඟින් ඇසුරුම් තෝරාගැනීම හෝ අතහැරදැමීම සඳහා පහසුකම් සපයන්නේ නැත. system-config-kickstart භාවිතා කරන විටදී, Package Selection විකල්පය මඟින් එක අක්‍රීය කරැති බව හඟවයි. මීට හේතු වන්නේsystem-config-kickstart, කණ්ඩායම් තොරතුරු රැස්කිරීම සඳහා yum භාවිතා කරන නමුත් එය හට Red Hat ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා සිදුකල යුතුyum මානකරනය නිසියාකාරාව සිදු කිරීමට අපොහොසත් වීමයි.

    මෙම ගැටළුව නිසියාකාරව පිරික්සමින් පවතින අතර Red Hat Enterprise Linux 5 නිකුතුවේදී මෙය නිසියාකාරව සකසනු ඇත. මේ මොහොතේදී, බො විසින් ඔබේ kickstart ගොනු කොටසේ තිබෙන ඇසුරුම් කොටස ඔබ විසින් අතින් මාන කරනය කලයුතු වේ. system-config-kickstart විධානය මඟින් kickstart ගොනුව විවෘත කරන විටදී, සියළුම ඇසුරුම් වලට අදාල තොරතුරු එමඟින් විවෘත කරන අතර ඔබ එය සුරකින විටදී ඔබ විසින් කරන ලද සියළුම වෙනස්කම් ඒ ආකාරයටම සුරකිනු ඇත.

  • SATA පාලකයන් සමඟ පද්ධති ඇරඹුම් ක්‍රියාවලියේදී මඳක් නතරවනු ඇත, මේ සමඟ පහත සඳහන් දෝෂ සටහන දර්ශණය වනු ඇත:

    ata2: port is slow to respond, please be patient
    

    මීට පසුව පහත දැක්වෙන දෝශ සටහන දර්ශණය වනු ඇත:

    ata2: reset failed, giving up
    

    දෙවන දෝශ පණිවිඩයට පසුව, පද්ධතිය සාමන්‍ය ලෙස ආරම්භක ක්‍රියාවලියට යොමුවන බව කරුණාවෙන් සලකන්න. මෙම ප්‍රමාදයට අමතරව පද්ධතිය හට කිසිදු බලපෑමක් සිදු නොවේ; භෞතිකව SATA ධාවකයන් නිසි ලෙස සවි කර තිබේ නම් එය නිසි ලෙස ග්‍රහණය කරගන්නවා ඇත.

  • 4-socket AMD Sun Blade X8400 Server Module පද්ධතිය තුල මතකය node 0 නිසියාකාරව මානකරනය කර නොතිබෙන නිසා ආම්භයේදී එය නිසියාකාරව සිදුනොවනු ඇත. මෙම කරනල් මත ඇතිවන ගැටළු සහගත තත්වය මග හරවා ගැනීම සඳහා පද්ධති node 0 සමඟ මතකය මානකරගත යුතුවේ.

  • LVM මිරර් උපාගයන් වෙත ඇනකොන්ඩා භාවිතයෙන් ස්ථාපනය සිදුකිරීම සඳහා වර්ථමානයේ පහසුකම් සපයන්නේ නැත. මෙම පහසුකම Red Hat Enterprise Linux 5 නවීකරණයත් සමඟ මීට එකතුකරනු ලැබේ.

  • Red Hat Enterprise Linux 5 NFS සේවාදායකය මත තිබෙන බහලුම් භාවිතයෙන්, Red Hat Enterprise Linux ISO යොදාගෙන ස්ථාපනය සිදුකරන විට, ඇනකොන්ඩා විසින් පහත සඳහන් දෝශ සටහන දර්ශණය කරනු ඇත:

    ඇසුරුම්ව තිබෙන දත්තයන් කියවිය නොහැක. repodata බහලුම අස්ථාන ගතවීම මීට හේතු විය හැක. 
    ස්ථාපන වෘක්‍ෂය නිසියාකාරව සාදා තිබෙන බැව් ප්‍රත්‍යක්‍ෂ කරගන්න. 
    නිධිය තුලින් repomd.xml ගොනුව විවෘත කිරීමට හෝ කියවීමට නොහැක:
    

    අර්ධ ලෙස සකස්කර ඇති ස්ථාපන වෘක්‍ෂයක් ISO පිළිඹුවන් සතුව තිබීම මෙම දෝශයන්ට හේතුව වේ(උදාහරණයක් ලෙස මුල් පිළිඹුවේ තිබෙන /images බහලුම). මෙවැනි බහලුම් තිබීම, ඉහත සඳහන් කර තිබෙන ආකාරයේ දෝශ ඇතිවීමට හේතු වේ.

    මෙම දෝශය මඟහරවා ගැනීම සඳහා, ස්ථාපන ISO පිළිඹුවන්ට අමතරව වෘක්ෂයන් ලෙස පමණක් තිබෙන බහලුම් ඇසුරුමෙන් ලබාගන්න.

  • Red Hat Enterprise Linux 5 නිකුතුව සඳහා ඇරඹුම් අවස්ථාවේදී /var/log/boot.log ගොනුව මතට ප්‍රතිදානය කල නොහහැක . එනමුත් මේ හා සමාන ක්‍රියාකාර කමක් Red Hat Enterprise Linux 5 නවීකරනය සහතිව නිකුතුව මඟින් නුදුරේදී ලබාදෙන බැව් කරුණාවෙන් සලකන්න.

  • kexec හෝ kdump විධානයන් හට accraid යාව ඇති තැටි පාලකයන්ට තැටි මතට ඩම්ප් කිරීමට නුපුළුවන.

    මෙම ගැටළුව මඟහරවා ගැනීමටscp ජාල ඩමප් එකක් ලබා ගැනීමට භාවිතා කරන්න. විකල්පයක් ලෙස, වෙනස් පාලකයක් භාවිතා කරමින් තැටියක් මතට ඩම්ප් එකක් ලබාගැනීමට ඔබට පිළිවෙන.

  • IBM T43 ලැප්ටොප් පරිගණකය ඩොකින් ස්ටේෂන් (docking station) එකකට සවිකර භාවිතා කරන විට Dell මොනිටරයක් එහි දෙවන මොනිටරය ලෙස භාවිතා කරන විට, පරිගණකය ආරම්භ වීමේදී එමඟින් ලබාදෙන විභේදනය නිවැරදි නොවේ.

    මින් ඉදිරියට සිදුවෙන පිවිසුම් වලදී මෙම තත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න:

    1. system-config-display විධානය භාවිතා කර දර්ශණ පරිස්ථිතියන් මෙනුව විවෘත කරගන්න.

    2. ද්විත්ව ශීර්ෂ (Dual head) ටැබ් එක මත ක්ලික් කරන්න.

    3. Use dual head හී දෙවන මොනිටරය සඳහා වන මානකරනය පරීක්‍ෂාකරන්න.

    4. පද්ධතිය නැවත ආරම්භ කරන්න.

  • සම්පූර්ණයෙන්ම අථත්‍යකරන ලද පරිශීලකයකු බෙදන ලද ස්ථාපන මාධ්‍යයක් භාවිතා කරන විටදී, විශේෂයෙන් බහු සංයුක්ත තැටි ධාවකයන් භාවිත කරන විටදී එය බිඳ වැටුනහොත් නිසි ස්ථාපන කරන සංයුක්ත තැටි වෙත යොමුවිය යුතුවේ. ආගන්තුක මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන විටදී, පරිශීලකයන් හට සංයුක්ත තැටි ඉවත් කිරීම හෝ නැවත ඇතුල් වීම පද්ධතිය මඟින් වලකාලනු ඇත.

    ආගන්තුක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන විටදී විටදී සංයුක්ත තැටි පිළිඹුවන් වෙත හුවමාරු වීම සඳහා QEMU නිරීක්‍ෂණ කවුළුව භාවිතා කරන්න. මෙය පහත සඳහන් අයුරින් වේ:

    1. ආගන්තුක මෙහෙයුම් පද්ධතිය සඳහා VNC අග්‍රයක් විවෘත කරන්න.

    2. CD-ROM උපාංගය ආගන්තුක මෙහෙයම් පද්ධතියෙන් ගලවන්න.

    3. Ctrl-Alt-2 යතුරු භාවිතා කරමින් QEMU නීරක්‍ෂණ අග්‍රය වෙත යොමුවන්න.

    4. eject hdc විධානය ක්‍රියාත්මක කරන්න.

    5. change hdc <path to the CD-ROM in host system> විධානය ක්‍රියාත්මක කරන්න.

    6. Ctrl-Alt-1 යතුරු භාවිතා කරමින් ආපසු ආගන්තුක මෙහෙයුම් පද්ධතියේ අග්‍රය වෙත යොමුවන්න.

    7. CD-ROM උපාංග ආගන්තුක මෙහෙයුම් පද්ධතිය තුල සවි කරමින්.

    සාමාන්‍ය VNC සේවාග්‍රාහකයකු භාවිතා කරන විටදී ධාරක X සේවාදායකය හට Ctrl-Alt-2 සහ Ctrl-Alt-1 විධානයන් භාවිත කිරීමේදී දෝශයන් ඇතිවිය හැක. virt-manager තුල මෙම තත්වය මඟහරවා ගැනීමට, sticky keys භාවිතා කරන්න. Ctrl යතුර තුන්පාරක් ඉබීමෙන් "ස්ටිකි(sticky)" තත්වයට පත්කර ගත හැක. මෙවැනි විටදී, Ctrl-Alt-1 යැවීම සඳහා, Ctrl යතුර දෙපාරක් ඔබන්න පසුව Ctrl-Alt-1 ඔබන්න.

  • Red Hat Enterprise Linux 5 Driver Update Model මඟින් initrd පිළිඹුවන් සාදනු ලබයි, මෙය සිදුවෙනුයේkmod ඇසුරුම තුලට ඇරඹුම් මාර්ගය නවීකරණය කරන ලද ධාවකයක් ස්ථාපනය කල විටදීය. කාලයත් සමඟ ආරක්‍ෂාකරගත් initrd පිළිඹුවන් ගෙන් /boot කොටස පිරී යා හැක.

    නිරතුරුව ඔබ විසින් ධාවකයන් ප්‍රගමනය කරන්නේ නම් /boot කොටසේ ඇති නිදහස් ඉඩ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්න. /boot හී ඉඩ ලබා ගැනීම සඳහා පැරණි initrd මකා දමන්න; මෙම ගොනුවන් .img0, .img1, .img2 ආදී ලෙස නම් කර ඇත.

  • Autorun වෙන්කල හැකි මාධ්‍ය තුල දැනට අක්‍රීය කර ඇත. Red Hat Enterprise Linux අතිරේක අංයුක්ත තැටියෙන් ඇසුරුම් ස්ථාපනය කිරීමට තිබේ නම්, CD ස්තහාපකය ශ්‍රමිකව පහත සඳහන් විධානය භාවිතා කරමින් ක්‍රියාත්මක කරන්න:

    system-cdinstall-helper /media/path-to-mounted-drive

  • Red Hat Enterprise Linux 4 සිට Red Hat Enterprise Linux 5 ප්‍රගමනය කිරීමේදී, Deployment Guide (භාවිතා මඟ පෙන්වීම් පොත) ස්වයංක්‍රීයව ස්ථාපනය වනු නොලැබේ. ඔබ හට pirut විධානය, ස්ථාපනයෙන් පසුව මේ සඳහා භාවිතා කල යුතුවේ.

  • autofs දෝශය මඟින් බහු සවිකිරීම නිසියාකාරව සිදුකිරීමට බාධා පමුණුවනු ලබයි.

    කල් ඉකුත් වීමේදී, අවසාන multi-mount (බහු සවිකිරීම්) පරික්‍ෂා කිරීම සඳහා සවිකිරීමක් ඊට සම්බන්ධ නොවන අතර අනෙකුත් අංගයන් කාර්ය බහුලව පවතී, autofs දෝශ සහිතව multi-mount (බහු සවිකිරීම්) කල් ඉකුත්වන ලෙස දක්වා ඇත. මෙමඟින් multi-mount (බහු සවිකිරීම්) අර්ධ ලෙස කල් ඉකුත්වීම සිදු කරයි, මෙමඟින් multi-mount (බහු සවිකිරීම්) ප්‍රතිචාර නොක්වනු ඇත, මීට පසු සිදුකරනු ලබන සවිකිරීම්ද කල් ඉකුත්වනු ඇත.

    ස්ථිර ලෙස මෙම ගැටළුව විසඳීම සඳහා, autofs ප්‍රගමනය කරන්න, මේ සඳහා yum update autofs විධානය භාවිතා කරන්න.

  • පද්ධතිය නිසියාකාරව kexec/kdump කරනල් වෙත නිසියාකාරව නැවත ආරම්භ නොවනු ඇත, එහි X සේවාදායකය ක්‍රියාත්මක වන්නේ නම්vesa ධාවකයට අමතරව භාවිතා කරන්නේ නම්. මෙම ගැටළුව ATI Rage XL චිත්‍රක පරිපථ පද්ධති මත පවතී.

    X සේවාදායකය ATI Rage XL භාවිතා කරන පද්ධතියක් තුල ක්‍රියාත්මක වන්නේ නම්, vesa ධාවකය භාවිතා කරන බවට වග බලාගන්න, මෙය සාර්ථකව පද්ධතියkexec/kdump කර්නලය තුලට නැවත ආරම්භ කිරීමට උපකාරී වේ.

  • සම්පූර්ණයෙන්ම අථත්‍යකරන ලද ආගන්තුකයකු භාවිතා කරමින් boot.iso NFS පොදුව මත කියවීමට හා ලිවීමට ොහැකි ලෙස සවිකර තිබීම නිසියාකාර ලෙස සම්පූර්ණ නොවේ.මෙම ගැටළුව නිරාකරනය කරගැනීම සඳහා NFSකියවීමට පමණක් හැකි වන ලෙස සවි කරන්නy.

    ඔබ හටNFS පොදුව ලිවීමට නොහැකි වන ලෙස නැංවීමට නොහැකි වූවහොත්, boot.iso ගොනු දේශීය /var/lib/xen/images/ බහලුම වෙත පිටපත් කරගන්න.

සාමාන්‍ය තොරතුරු

මෙම ලේඛණයේ අනෙක් කොටස් හා සම්බන්ධ නොවන සාමාන්‍ය විසතර මෙහි අන්තර්ගත වේ.

Red Hat Enterprise Linux භාවිතයේ යොදන මඟ පෙන්වීම

Red Hat Enterprise Linux නිකුතුව සතුව ඉතා හොඳින් සකස්කරන ලද ඩිප්ලොයිමන්ට් මඟපෙන්වුම් ග්‍රන්ථයක් ඇතුලත් වේ. එය ලබාගැනීම සඳහා පද්ධතිය (උඩ තිබෙන පැනලයට එකඟව) => ග්‍රන්ථයන් => Red Hat Enterprise Linux ඩිප්ලොයිමන්ට් ග්‍රන්ථය (Deployment Guide).

Red Hat සතු බලාපොරොත්තුව වන්නේ සම්පූර්ණයෙන් දේශීයකරණය කරන ලද ඩිප්ලොයිමන්ට් මඟපෙන්වීමක් ඇතුලත් ග්‍රන්ථයක් පහසුකම් සපයා ඇති සියළුම භාෂා සඳහා ලබාදීමයි. ඔබ විසින් දේශීයකරණය කරනලද ඩිප්ලොයිමන්ට් මඟපෙන්වීම් ග්‍රන්ථයක් භාවිතා කලද, නව Red Hat ජාලය වෙළුමක් නිකුත්වූ විටදී රීට අදාල උක්ත ග්‍රන්ථය නවීකරණය කරගැනීමට ඔබ විසින් වගබලා ගන්න.

අථත්‍යකරණය

Red Hat Enterprise Linux 5 තුල i686 සහ x86-64 අථත්‍යකරණ පහසුකම සහ, Xen අථත්‍යකරණ පසුබිම සහ මෘදුකාංග ව්‍යුහය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇතුලත්ව තිබේ.

Red Hat Enterprise Linux 5 අථත්‍යකරණ ක්‍රියාවලිය hypervisorමත පදනම්ව ක්‍රියාකරයි, අවම සම්පත් ප්‍රමාණයකින් මෙම කටයුත්ත කිරීම මෙහි තිබෙන විශේෂත්වය වෙයි. Intel අථත්‍යකරණ තාක්‍ෂණය හෝ AMD AMD-V හැකියාවන්ගෙන් අනූන ප්‍රොසෙසර් Red Hat Enterprise Linux 5 පරිගනක පද්ධති සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.

අථත්‍යකරණය Red Hat Enterprise Linux 5 මත තිබෙන අතර එය මත පහත දැක්වෙන ලක්‍ෂණයන්ද හෙබි වෙයි:

  • Libvirt, පුස්තකය ථත්‍ය පරිගණක කළමණාකරනය කිරීම සඳහා ස්ථාවර පහසුවෙන් ගෙනයා හැකි වැඩසටහන් ක්‍රමලේඛන අන්තර් මුහුනතක් (API) ලබා දෙයි.

  • Virtual Machine Manager, යනු චිත්‍රක භාවිත කර අථත්‍ය පරිගණක පද්ධති කළමණාකරනය සඳහා තිබෙන උපාංගයකි.

  • ස්ථාපයකය තුල කික්ස්ටාර්ට් ඇතුළුව අථත්‍ය යාන්ත්‍රණයන් සඳහා පහසුව ඇත.

Red Hat ජාලය සහ අථත්‍ය යාන්ත්‍රණ සඳහාද උපකාර කරනු ලබයි.

මේ වන විට අථත්‍යකරණය තුල පහත සඳහන් සීමාවන් බල පැවැත්වේ:

  • අථත්‍යකරණය සක්‍රීයව ඇති විටදී RAM මතට හෝ තැටිය මතට තාවකාලිකව පද්ධතිය නතර කිරීම සඳහා පහසුකමක් නොමැති අතර CPU සංඛ්‍යාතය නීර්ණය කිරීමද නිසිලෙස සිදුකල නොහැක.

  • දෘඪාංග මඟින් අථත්‍යකරන ලද ආගන්තුකයින්හට 2GB වඩා වැඩි අථත්‍ය මතකයක් තබාගත නොහැක.

  • සම්පූර්ණයෙන්ම අථත්‍යකරන ලද ආගන්තුකයින්ව ගබඩා කිරීමට හෝ නැවත පිහිටවිය හෝ ආගමනය කල නොහැක.

  • xm create විධානය සතුව ඊට සමගාමී චිත්‍රක විධානයක් අථත්‍ය යාන්ත්‍රණ කළමණාකරු (Virtual Machine Manager) තුල නොමැත.

  • අථත්‍යකරණය මඟින් උපකාර කරනුයේ bridged networking කොටසට පමණි. ආගන්තුකයින් විසින් භාවිතා කරන මීට සමගාමී මෙවලම්, ප්‍රකෘතියක් ලෙස මෙය තෝරාගනු ලැබේ.

  • අථත්‍යකරනය සඳහා වන ප්‍රකෘති Red Hat SELinux ප්‍රතිපත්තිය මානකරන ගොනු ලිවීම සඳහා ඉඩ ලබාදෙනුයේ /etc/xen, ප්‍රතිදාන ගොනු ලියනුයේ /var/log/xen/, තැටි ගොනු ලියනුයේ (මූලික ඉවතලෑම් ඇතුලුව) /var/lib/xen. මෙම ප්‍රකෘතියන් semanage මෙවලම භාවිතා කර වෙනස් කල හැක.

  • මෙම අථත්‍යකරණ නිකුතුවත් සමඟ ඇතුලත්කර තිබෙන hypervisor හට NUMA ගැන දැනගැන්මක් නැත , NUMA පරිගණක මත ක්‍රියාකාරීත්වය එතරම් හොඳින් සිදුනොවේ. මෙම තත්වය Red Hat Enterprise Linux 5 නිකුතුවේදී මෙය සකස්කරනු ඇත.

    මෙ මඟහරවා ගැනීමට memory node interleaving BIOS තුල තිබෙන NUMA යාන්ත්‍රණය සක්‍රීය කරන්න. මෙමඟින් ස්ථාවර කාර්යක්‍ෂමතාවයක් තහවුරු කරගත හැක.

  • අර්ධ ලෙස අථත්‍යකර තිබෙන දාමයන් en-US හැරුන විට වෙනත් යතුරු පුවරුවක් (keymaps) සඳහා පහසුකම් සපයන්නේ නැත. තත්වය එසෙ නමුත් එම යතුරු පුවරු භාවිතා කර සමහර අක්‍ෂර ඇතුලත් කල හැක. මෙම තත්වය Red Hat Enterprise Linux 5 නිකුතුවේදී නිවැරදිකරනු ඇත.

  • අථත්‍යකරණය කරන ලද කර්නලය හට kdump ක්‍රියාව භාවිත කල නොහැක.

  • qcow සහ vmdk පිළිඹුවන් හට පහසුකම් සපයන්නේ නැත. ආගන්තුකයින්ව අතිීන මානකරනවිටදී ්,භෞතික හෝ තාර්තික පරිමාවන් තුල තිබෙන මුළිඹුවන් phy:ගණය භාවිත කලයුතුවේe.ගොනු පදනම්ව ඇති පිළිඹුවන් හටs,පිළිඹිබු ගණය o tap:aio:ලෙස අර්ධව අතථ්‍යකරණය ලද ආගන්තුකයින්dසහd file:සඳහා සකසන්නs.

  • සම්පූර්ණ අථත්‍ය දාමයන් ගේ පැතිකඩ නිරවද්‍ය වන්නේ නැත. මෙම ගැටළුව මීලඟ Red Hat Enterprise Linux 5 නිකුතුව මඟින් සකස්කරනු ඇත.

  • Paravirtualized දාමයන් හට ස්වයංක්‍රීයව ග්‍රහණය කරගත හැක්කේ සාමාන්‍ය මූසිකයක චලනය වේ, එහි අග්‍රයේ චලනය ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය දෝශ සහගත වන අතර එය Red Hat Enterprise Linux 5 නිකුතුව මඟින් විසඳාලනු ඇත.

  • සමහර dom0 අනුක්‍රමික අග්‍ර සැකසුම සඳහා අතිරේක මානකරනයන් අවශ්‍ය වීමට ඉඩ ඇත. සම්මත මානකරනයන් සඳහා වැඩි විස්තර ලබා ගැනීම පිණිස ගැටළු නිරකරණය කිරීම හි අථත්‍යකරන මඟපෙන්වීම කොටස වෙත යොමු වන්න.

  • අර්ධ ලෙස අථත්‍යකරනය කරන ලද ආගන්තුකයකු හට ක්‍රියාත්මක වන විධාන පුවරුවක් ලබාදීමට, ඔබ හට console=xvc0 කර්නල් විධාන රේඛාවේ සිට යෙදිය යුතුවේ.

  • ආගන්තුක මෙහෙයුම් පද්ධති විරල ගොනු භාවිතා කිරීමට හැකිවන ලෙස මාන කරන විට, dom0 හට අවශ්‍ය ඉඩ තැටිය තුල නොමැතිව යාමට හැකිය. මෙවැනි අවස්ථාවන්හීදී ආගන්තුකයන්ගේ තැටිය මත ලිවීම සම්පූර්ණ කල නොහැක, එබැවින් එම පද්ධති තුල දත්තයන් නැතිව යාමට ඉඩ ඇත. විරල ගොනු භාවිතා කරන ආගන්තුකයන් නිසියාකාරව I/O ආරක්‍ෂිතව සමකාලීන කරන්නේ නොමැත.

    එවැනි අවස්ථාවන්හීදී විරල ගොනු භාවිතා නොකිරීම රෙකමදාරු කරනු ලැබේ. ආගන්තුකයින් විරල නොවන ගොනු භාවිතා කිරීමට මාන කිරීම සඳහා, virt-install සිදුකරන විට --nonsparse විකල්පය භාවිතා කරන්න.

වියුණු සේවා දායකයේ ඇසුරුම් වෙනස්වීම්

Red Hat Enterprise Linux 5 තුල 2.2 වෙළුමට අයත් Apache HTTP සේවා දායකය අන්තර්ගත කර තිබේ. මෙම නිකුතුව තුල 2.0 වෙළුමට සාපේකෙෂව කරුණු රාශියක් වැඩි දියුණු කර ඇත, මීට පහත සඳහන් සියල්ල අයත් වේ:

  • වැඩි දියුණු කල ගබඩා කරන මොඩියුල(mod_cache, mod_disk_cache, mod_mem_cache)

  • පෙර තිබූ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ මොඩියුල වෙනුවට දැන් අනන්‍යතාවය සහ බලය තහවුරු කරගැනීම සඳහා නව සැකසුමක් ඇත.

  • ප්‍රොක්සි ආධාරයෙන් බල තුලනාත්මක පහසුව (mod_proxy_balancer)

  • 32-bit වේදි කාවන් මත විශාල ගොනු හැසිරවීමේ පහසුව (නාමිකව, 2GB වඩා විශාල)

පහත සඳහන් වෙනස් කම් ප්‍රකෘති httpd මානකරනයට ඇතුල්කර නැත:

  • mod_cern_meta සහ mod_asis මොඩියුලයන් ප්‍රකෘති ලෙස රුවා නැත.

  • mod_ext_filter මොඩියුලය ප්‍රකෘති ලෙස රුවා ඇත.

Red Hat Enterprise Linux සිට ප්‍රගමනය කිරීම, httpd මානකරනය httpd 2.2 සඳහා නවීකරණය කලයුතු වේ. වැඩි විස්තර සඳහා මෙම වියුණ වෙත යොමු වන්නhttp://httpd.apache.org/docs/2.2/upgrading.html.

httpd 2.0 සඳහා යොදාගත් ඕනෑම තෙවන පාර්ශවීය මොඩියුලයන් httpd 2.2 සඳහා නැවත සාදා ගත යුතු වේ.

php

Red Hat Enterprise Linux 5 තුල PHP හි 5.1 වෙළුම අන්තර්ගතව ඇත, මෙය තුල වෙනස්කම් කිහිපයක් අන්තර්ගත වන අතර සැලකිය යුතු ලෙසඵලදායිතාවය වර්ධනය කර ඇත. පෙර වෙළුම් සඳහා රචනා කර තිබෙන වැඩ සටහන් මෙ මත ක්‍රියාත්මක කිරීම සඳහා නැවත සංශෝධනය කල යුතු වේ; PHP 4.3 සිට PHP 5.1 දක්වා සංක්‍රමණය වීම සඳහා පහත සඳහන් වියුණ බාවිත කරන්න:

http://www.php.net/manual/en/migration5.php

ක්‍රියාත්මක කල හැකි /usr/bin/php දැන් සාදනු ලබන්නේ CGI SAPI වෙනුවට විධාන රේඛාව භාවිත කරමින. /usr/bin/php-cgi විධානය CGI SAPI සඳහා භාවිත කරන්න. php-cgi සතුවද FastCGI පහසුව ඇතුලත්ව ඇත.

පහත සඳහන් දිගු කරන ලද මොඩියුලයන් එකතුකර ඇත:

  • mysqli දිගුව, MySQL 4.1 සඳහා නිපදවා ඇති නව අන්තර්මුහුණ. මෙය php-mysql ඇසුරුම තුල අන්තර්ගත වේ.

  • date, hash, Reflection, SPL සහ SimpleXML (php ඇසුරුම තුල පෙර සවිකර ඇත)

  • pdo සහ pdo_psqlite (php-pdo ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_mysql (php-mysql ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_pgsql (php-pgsql ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • pdo_odbc (php-odbc ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • soap (php-soap ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • xmlreader සහ xmlwriter (php-xml ඇසුරුම තුල ඇතුලත් කර ඇත)

  • dom (domxml දිගුවphp-xml ඇසුරුම තුල ආදේශ කරමින්)

පහත සඳහන් දිගු මොඩියුලයන් තවදුරටත් ඇතුලත් කරනු නොලැබේ:

  • dbx

  • dio

  • yp

  • overload

  • domxml

PEAR ව්‍යුහය

PEAR ව්‍යුහය දැන් php-pear තුල ඇසුරුම් කර ඇත. Red Hat Enterprise Linux 5 හී අන්තර්ගත වනුයේ පහත දැක්වෙන PEAR කොටස් පමණි:

  • Archive_Tar

  • Console_Getopt

  • XML_RPC

සංකේතාත්මක Swap කොටස් හා root නොවන ගොනු පද්ධති

Red Hat Enterprise Linux 5 දැන් සංකේතාත්මක swap කොටස් සඳහා පහසුකම සහ root නොවන ගොනු පද්ධති සඳහාද මෙම පහසුකම සපයයි. මේවා භාවිත කිරීම සඳහා /etc/crypttab තුල ඊට අදාල ප්‍රවේශයන් ඇතුල් කරන්න. මීට අදාල යොමුවන් /etc/fstab තුල සාදනු ඇත.

පහත දැක්වෙනුයේ ආදර්ශමය /etc/crypttab ප්‍රවේශයකි:

my_swap /dev/hdb1 /dev/urandom swap,cipher=aes-cbc-essiv:sha256

මෙමඟින් සංකේතාත්මක ධාවකයක් සාදනු ඇත/dev/mapper/my_swap, මෙය /etc/fstab තුලින්ද විමසිය හැකි වේ.

/etc/crypttab පහත දැක් වෙනුයේ ගොනු පද්ධති පරිමාවක් සඳහා වන ප්‍රවේශයක අනුරුවකි:

my_volume /dev/hda5 /etc/volume_key cipher=aes-cbc-essiv:sha256

/etc/volume_key සතුව පාඨමය ලෙස සංකේතාත්මක යතුරක් සටහන්ව ඇත. ඔබ හටnone යතුරු සහිත ගොනුව ලෙස යෙදවිය හැක, මෙහිදී පද්ධතිය ක්‍රියාත්මක වීමේදී සංකේතාක්මක යතුරක් විමසනු ඇත.

LUKS (Linux Unified Key Setup) භාවිත කර ගොනු පද්ධති පරිමා සෑදීමට භාවිත කිරීම රෙකමදාරු කරනු ලැබේ. මෙය සිදු කිරීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න:

  1. cryptsetup luksFormat භාවිත කර සංකේතාත්මක පරිමාවක් සාදන්න.

  2. /etc/crypttab මත මෙම ප්‍රවේශය ඇතුල් කරන්න.

  3. cryptsetup luksOpen භාවිත කර පරිමාව අතින් සාදන්න(නැතිනම් නැවත ක්‍රියාත්මක කරන්න).

  4. සංකේතාත්මක කර තිබෙන පරිමාව තුල ගොනු පද්ධතියක් සාදනු ඇත.

  5. /etc/fstab මත අවශ්‍ය කරන ප්‍රවේශයන් සටහන් කරන්න.

mount සහ umount (සවි කිරීම සහ ගැලවීම)

mount සහ umount විධානයන් NFS මත ඍජුව ක්‍රියා කිරීමට පහසුකම් සපයන්නේ නොමැත; තව දුරටත් NFS ග්‍රාහකයන් සාදන්නේ නැත. වෙනත්nfs-utilsඇසුරුමක් /sbin/mount.nfs සහ /sbin/umount.nfs උපකාරකයන් මේ සඳහා අවශ්‍ය වේ.

CUPS මුද්‍රණ සැරිසරණය

CUPS බාවිත කර දේශීය අතුරු ජාලයක් තුල මුද්‍රණ පිරික්සීම සඳහා system-config-printer බාවිත කරන්න. මෙය CUPS වියුණ භාවිත කරමින්ද සිදු කල හැක http://localhost:631/.

අනු ජාලයන් මත මුද්‍රණයන් පිරික්සීමට /etc/cups/cupsd.conf ග්‍රාහක මත විවෘත කරBrowseAllow @LOCAL වෙතBrowseAllow ALL ක්‍රියාත්මක කරන්න.

ATI සහ R500 පහසුකම

ATI චිත්‍රක කාඩ්පත් R500 චිප්ස්ට් මත පදනම්ව ඇති අතර vesa ධාවකය සඳහා පමණක් පහසුකම් සපයයි, එනමුත් Red Hat Enterprise Linux 5 බාහිර තිරමත , LCD ප්‍රොජෙක්ටර් හෝ ත්‍රිව්ර 3D පහසුකම සපයන්නේ නොමැත.

up2date සහ yum

up2date විධානය අතහැර දමා ඇත, ඒ වෙනුවට yum (Yellowdog Updater Modified) භාවිතා කල හැක. එබැවින් ඔබ සතුව up2date මත පදනම්වන වැඩසටහන් තිබේ නම් ඒවා සියල්ල නව විධානය අනුව සකසා ගැනීම රෙකමදාරු කරනු ලබයි. yum සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම සඳහා, පහත සඳහන් විධානය භාවිතා කර man පිටුව වෙත යොමුවන්නman yum; /usr/share/doc/yum-<version> සහ /usr/share/doc/yum-metadata-parser-<version> (ස්ථාපනය කර තිබෙන <version>, නිසි yum සහ yum-metadata-parser වෙළුම සමඟ හුවමාරු කරගන්න) යන බහලුම් වල ස්ථාපනය කර තිබෙන ග්‍රන්ථයන් කියවීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

OpenLDAP සේවාදායකය සහ Red Hat බහලුම් සේවාදායකය (Directory Server)

Red Hat බහලුම් සේවාදායකය (Directory Server) මෙහුම් පද්ධති වලින් ස්වාධීන LDAP මත පදනම් වූ මධ්‍යගත ජාල දත්තයන්ගෙන් අනූන ජාල මත පදනම් වූ රෙජිස්ට්‍රියක් වේ. එය OpenLDAP සේවාදායකයේ කොටස් වලට ආදශකයක් වේ, මෙය Red Hat Enterprise Linux 5 පසුව අතහැර දමනු ලබයි. Red Hat බහලුම් සේවාදායකය (Directory Server) සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා , http://www.redhat.com/software/rha/directory/ වෙත යොමු වන්න.

i810 ධාවකය සහ i830 පහසුව

i810 ධාවකය සියළුම එකලස් කොට තිබෙන Intel චිත්‍රක චිප්සෙට් හට සහය ලබාදෙනු ඇත, i810 සිට i965 දක්වා. එනමුත් i830 (සහ නව) චිප්සෙට් සඳහා වන සහය සීමා සහිත වේ; i810 ධාවකයට කල හැක්කේ වීඩියෝ BIOS දැක්වෙන මාතයන් සැකසීම පමණි. ඔබේ පද්ධතිය සතුව i830 හෝ නව චිප්සෙට් එකක් ස්ථාපනය කර ඇත්නම් ඊට අදාල මාතයන් ලබා ගැනීම පිණිස, පහත සඳහන් විධානය ක්‍රියාත්මක කරන්න:

grep Mode: /var/log/Xorg.0.log

(*) තරු ලකුණ යොදා තිබෙන මාතයන් තෝරාගැනීමට පුළුවන් වේ.

බොහෝ ලැප්ටොප් පරිගණක මත තිබෙන BIOS සතුව ඒවායේ පැනලයන් හී ප්‍රමාණයන්ට සරිලන මාතයන් නොමැත. එබැවින් කළු පැහැති බෝඩරයන් ඇදී අපැහැදිලි අයුරින් දිස්වෙනු ඇත. ඔබේ පැනලයේ ප්‍රමාණයට නිසියාකාරව දර්ශණය වීම සකසාගැනීම සඳහා ඔබේ දෘඩාංගය ලබාගත් ආයතනය මඟින් එහි BIOS නවීකරණය කලයුතු බව කරුණාකර සලකන්න.

Smart Card පිවිසුම

Red Hat Enterprise Linux 5 සතුව Smart Cards පහසුකම ඇතුලත්ව ඇත, මෙමඟින් ඔබේ යතුරු යුගලය සහ පොදු යතුර ඇතුලත් සහතික පත්‍රයන් සුරක්‍ෂිත ගබඩා පහසුකම සපයයි. මෙම යතුරු පුද්ගලික හැඳුනුම්පත් අංකයක් (PIN) භාවිත කර ආරක්‍ෂා කර තිබෙන හෙයින් Smart Card හෝ යතුරු සහිත සහතික පත්‍රයන් සඳහා අවශ්‍ය අවස්ථාවේදී ඔබ විසින් සැපයිය යුතුය.

Smart Cards Red Hat Enterprise Linux 5 පරිසරයේ යෙදවීම මඟින් Kerberos සහ S/MIME මත පදනම් වන අනන්‍යතාවය තහවුරු කරගැනීමට අදාල ආරක්‍ෂිත භාවය වැඩි වේ. Red Hat Enterprise Linux 5 මඟින් පහත සඳහන් පහසුකම් සපයයි:

  • Axalto Cyberflex 32K e-Gate

  • DoD CAC කාඩ්පත්

Smart Card භාවිතයෙන් අනන්‍යතාවය තහවුරු කරගැනීම සැකසීමට, ඔබේ ජාලය Red Hat බහලුම් සේවාදායකය(Directory Server) සහ Red Hat සහතික පත්‍ර පද්ධතියකින් (Certificate System) ගෙන් සමන්විත යුතුය. Smart Cards සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම සඳහා, Red Hat Enterprise Linux Deployment Guide හී Single Sign-On පරිච්ඡේදය කියවන්න.

Intel PRO/Wireless 3945ABG ජාල සම්බන්ධක පහසුකම

Red Hat Enterprise Linux 5 නිකුතුව සතුව ipw3945 සඳහා පහසුකම ඇතුලත් කර ඇත(Intel PRO/Wireless 3945ABG Network Connection) ඇඩප්ටරය. Red Hat Enterprise Linux 5 ඇතිරේකච සපයා ඇති තැටිය තුල මේ සඳහා වන ධාවකය ඇත, මෙම ඇඩප්ටරය සඳහා ඩේමනය සඳහා දෘඪාංගය අදාල පහසුකම් සැපයිය යුතුය.

රැහැන් රහිත ipw3945 ඇඩප්ටරය සඳහා වන පහසුකම සක්‍රීය කිරීම සඳහා, Red Hat Enterprise Linux 5 සමයා තිබෙන අතිරේක තැටියේ "3945" යන ගොනු නාමය ඇතුලත් ඇසුරුම සොයා ස්ථාපනය කරන්න.

rawio

rawio යනු අතහැර දමන ලද අතුරුමුහුණතකි; කෙසේ නමුත්, Red Hat Enterprise Linux 5 තුල තව දුරටත් ඒ සඳහා පහසුකම් සපයයි. ඔබ සතුව වැඩසටහනක් තිබේ නම්, එයrawio භාවිතා කර පාවිච්චි කලයුතු ධාවකයක් නම්, ඔබේ වැඩසටහන බ්ලොක් ධාවකයේ O_DIRECT සංඤාව සමඟ විවෘත කිරීම රෙකමදාරු කරනු ලැබේ. rawio අතුරුමුහුණත Red Hat Enterprise Linux 5 තිබෙන තුරු පවතිනු ඇත, නමුත් එය ඉදිරි නිකුතුවන් තුලදී ඉවත් කිරීමට තෝරාගෙන තිබේ.

වර්තමානයේදී, AIO (Asynchronous I/O) ගොනු පද්ධතියක් තුලදී O_DIRECT හෝ non-buffered mode පමණක් පහසුකම් සපයයි. තවද, අසමමිතික අතුරුමුහුණතකදී විමසීම තව දුරටත් භාවිතයේ නොමැත, තවද පයිප්ප මත තිබෙන AIO සඳහා තවදුරටත් පහසුකම් සපයන්නේ නැත.

ctmpc

ctmpc යනු අතහැර දමන ලද ධාවකයකි; එනමුත් Red Hat Enterprise Linux 5 තිබෙන තුරාවට මෙය ඇතුලත්ව තිබෙනු ඇත. මෙය අනාගත නිකුතුවන්ගෙන් ඉවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින වැඩසටහනකි.

semanage සහ ප්‍රතිපත්ති මොඩියුල සඳහා පහසුකම.

Red Hat Enterprise Linux 5 මඟින් ප්‍රතිපත්ති මොඩියුලයන් සහ semanage පහසුකම සපයනු ලබයි. semodule සහ checkmodule මෙවලම් භාවිතය මඟින් තෙවන පාර්ශවීය ප්‍රතිපත්ති සෑදීම සහ බෙදාහැරීම පහසු කරනු ලබයි.

semanage මෙවලම SELinux ලිනක්ස් හි ප්‍රතිපත්ති මානකරනය සඳහා භාවිතා කරන්නෙකි. මෙමඟින් පරිශීලකයන් Linux-සිට-SELinux දක්වා ආදේශකිරීම ජාල කොටස් ලේබල් කිරීම හා මීට අදාල පසුබිම සම්බන්ධව මාන කිරීමද මෙමඟින් සිදුකල හැක.

raw උපාංග සැලැස්ම

raw උපාංගයේ අතුරු මුහුණත් Red Hat Enterprise Linux 5 නිකුතුව සමඟ අතහැර දමා ඇත;raw උපාංග මාන කිරීම දැන් සිදුකෙරෙනුයේ udev රීතීන් භාවිතයෙනි.

raw උපාංග සැකසුම මානකිරීම සඳහා, /etc/udev/rules.d/60-raw.rules වෙත සුදුසු පිවිසුම් පහත සඳහන් ආකාරයට ඇතුලත් කලයුතු වේ:

  • උපාංග නාමයන් සඳහා:

    ACTION=="add", KERNEL="<device name>", RUN+="raw /dev/raw/rawX %N"
    
  • විශාල / කුඩා අංකයන් සඳහා:

    ACTION=="add", ENV{MAJOR}="A", ENV{MINOR}="B", RUN+="raw /dev/raw/rawX %M %m"
    

හුවමාරු කරන්න <උපාංගයේ නම> ඔබට බැඳීමට අවශ්‍ය උපාංගය සමග(උදා හරණයක් ලෙස /dev/sda1). "A" සහ "B" යනු විශාල / කුඩා අංකයන්ගෙන් යුතු බැඳිය යුතු උපාංග වේ, තවද X යන උපාංග (raw) නාමය පද්ධතිය හට භාවිතා කිරීමට සැලැස්වීමට ඔබට අවශ්‍යවේ.

ඔබ සතුව කල් සිට පැවති විශාල /etc/sysconfig/rawdevices ගොනුවක් තිබේ නම් එය පහත සඳහන් කේත රචනය භාවිතා කර පරිවර්තනය කරගන්න:

#!/bin/sh

grep -v "^ *#" /etc/sysconfig/rawdevices | grep -v "^$" | while read dev major minor ; do
        if [ -z "$minor" ]; then
                echo "ACTION==\"add\", KERNEL==\"${major##/dev/}\", RUN+=\"/usr/bin/raw $dev %N\""
        else
                echo "ACTION==\"add\", ENV{MAJOR}==\"$major\", ENV{MINOR}==\"$minor\", RUN+=\"/usr/bin/raw $dev %M %m\""
        fi
done
QLogic පහසුකම

Red Hat Enterprise Linux 5 මගින් QLogic පවුලේ iSCSI HBA (Host Bus Adapters) සඳහා පහසුකම් සපයනු ලබයි. මේ වන විටදී, එම බෝඩ් සඳහා iSCSI අතුරුමුහුණත පමණක් පහසුකම් සපයයි (qla4xxx ධාවකය භාවිතා කරමින්).

මීට අමතරව, Red Hat විසින් වර්තමානයේදී Ethernet NIC බෝඩ් ලෙස පහසුකම් සපයන්නේ නැත, මක්නිසාද, මේ සඳහා qla3xxx ධාවකයේ ක්‍රියාකාරකම් අවශ්‍ය බැවිනි. මෙම ගැටළුව මීලඟ Red Hat Enterprise Linux 5 නිකුතුවේදී සකස්කරනු ඇත.

IBM System z උපදෙස් මාලාව

IBM System z පද්ධතියේ කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම සඳහා 31-bit වැඩසටහන් සඳහා වන උපදෙස් කැටිය අධ්‍යනය කිරීම පිණිස, gcc option -march=z900 භාවිතා කිරීම රෙකමදාරු කරනු ලබයි. 64-bit වැඩසටහන් සඳහා, gcc මඟින් IBM System z ප්‍රකෘතියක් ලෙස එම කාර්යය සිදුකරනු ලබයි.

Linux සඳහා වන iSeries භාවිතය

Linuxසඳහා වන iSeries ODBC Driver, iSeries Access මඟින් ආදේශ කරනු ලැබ ඇත, මෙය පහත දැක්වෙන යොමුවෙන් බාගත කිරීමට හැකි වනු ඇත:

http://www.ibm.com/eserver/iseries/access/linux/

Linux සඳහා වන iSeries Access මඟින් iSeries සේවාදායකයන් වෙත අවශ්‍ය ප්‍රවේශය සපයයි, තවද එමඟින් ඔබහට පහත සඳහන් දේ සඳහා අවකාශ ලබා දෙයි:

  • ODBC Driver ධාවකය භාවිතා කර iSeries සඳහා වන DB2 UDB (Universal Database) වෙත ප්‍රවේශ වන්න.

  • Linux ග්‍රාහකයකු භාවිතා කර 5250 සැසියක් iSeries සේවාදායකය වෙත සාදන්න.

  • EDRS (Extended Dynamic Remote SQL) ධාවකය භාවිතා කර DB2 UDB වෙත ප්‍රවේශ වන්න.

  • 32-bit (i386 සහ PowerPC) සහ 64-bit (x86-64 සහ PowerPC) වේදිකාවන්හට පහසුකම් සපයයි.

IBM Power4 iSeries

Red Hat Enterprise Linux මඟින් තව දුරටත් IBM Power4 iSeries හට පහසුකම් සපයන්නේ නැත.

ධාවක නවීකරණ වැඩසටහන

Red Hat Enterprise Linux 5 ධාවක නවීකරණ වැඩසටහන භාවිතා කරන අන්දම විස්තර කෙරෙන තොරතුරු මෙම කොටසට ඇතුලත් වේ.

කර්නල් මොඩියුලර් ඇසුරුම

Red Hat Enterprise Linux 5 මත නවීකරණය කරන ලද කර්නල් මොඩියුල සහිත ඇසුරුම් වර්තමානයේ භාවිත කරන කර්නල ABI වෙළුම හා පරායත්ත වන අවස්ථාවන් හීදී සාදාගත හැක. Red Hat Enterprise Linux 5 පරාසය තුල තිබෙන කරනල් මොඩියුල සාදාගැනීමේ පහසුකම මින් සැපයෙනු ඇත. මීට අදාල වියුණු අඩවිය http://www.kerneldrivers.org/ මඟින් උදාහරණ සහිතව වැඩි විස්තර ලබාගත හැක.

මතක තබාගන්න්, පහත සඳහන් ගැටළු සියල්ල හඳුනාගෙන ඇත:

  • Bootpath ධාාවකයන් kmod බෙදාහරිනු ලබන අතර, මෙම ඇසුරුම් හට නිල වශයෙන් පහසුකම් සපයන්නේ නැත.

  • කර්නලය තුල දැනට තිබෙන ධාවකයන් මත නැවත ලිවීම සඳහා දැනට පහසුකම් සපයන්නේ නොමැත.

Red Hat Enterprise Linux 5 නවීකරණය තුලදී මෙම ගැටළු නිරාකරණය කරනු ලැබේ.

කර්නල් මොඩියුල පටවමින්

Red Hat Enterprise Linux 5 මත තිබෙන මොඩියුල පටවන ආකාරය පෙර Red Hat Enterprise Linux නිකුතුවට වඩා වෙනස්ව ඇත. Red Hat Enterprise Linux 5 සමඟ තිබෙන මොඩියුල සියල්ල අත්සන් කර ඇත, කර්නල් ඇසුරුම්ද අත්සන් කර ඇත, Red Hat Enterprise Linux 4 දැක්වෙන ආකාරයටම සිදුකර ඇත. Red Hat Enterprise Linux 5 මත තිබෙන කර්නල්, කෙසේ නමුත්, තව දුරටත් වෙනත් කර්නලයක් සඳහා නිපදවා අත්සන් කර තිබෙන මොඩියුල පැටවීම කල නොහැක.

බෙදාහරින ලද මූලික Red Hat Enterprise Linux 5 සමඟ තිබෙන මොඩියුල මොඩියුල ඉදිරියේදී නිකුත්වන කර්නල් ප්‍රගමනයන් තුලට පැටවිය නොහැකි බව මින් අදහස් වේ. මෙමඟින් පහසුකම් සපයන්නේ නැති මොඩියුලයන් පැටවීම වලකාලනු ඇත. Red Hat මඟින් පහසුකම් සපයන්නේ අත්සන් කර ඇති, මෙදාහැරීම තුල අන්තර්ගත කර තිබෙන මොඩියුලයන් සඳහා පමණි.

ඔබ හට පැරණි මොඩියුලයක් පැටවීමට අවශ්‍ය නම්, අත්සනක් භාවිතා නොකර එය ගොඩ නැංවීම කලයුතුය. පසුව විකල්පයක් ලෙස එම බයිනරි (binary)ගොනුව තුල තිබෙන අත්සන පහත දැක්වෙන විධානය භාවිතා කර ඉවත් කිරීමට පුළුවනි:

objcopy -R .module_sig <module name>-mod.ko <module name>-nosig.ko

අනාරක්‍ෂිත මොඩියුල පැටවීමට පෙර Red Hat සහයකු (Global Support Representative) ගෙන් මේ සම්බන්ධව විමසා සිටීම රෙකමදාරු කරනු ලබයි.

ජාත්‍යන්තරකරණය

මෙම කොටස තුල Red Hat Enterprise Linux 5 යටතේ තිබෙන භාශා පහසුකම සම්බන්ධ තොරතුරු අන්තර්ගතව ඇත.

ආදාන ක්‍රමයන්

SCIM (Smart Common Input Method) භාවිත කරනුයේ ආසියානු රටවලට අවශ්‍ය භාෂා පහසුකම ඇතුලත් ව යතුරු කිරීමේ ඉඩ ලබා දීමට වන අතර IIIMF වෙනුවට වේ. ප්‍රකෘති GTK සඳහා වන යතුරු පුවරු ක්‍රම ඇතුලත් SCIM මොඩියුලය ලබා දෙනු ලබන්නේ scim-bridge; හා Qt, තුලදී එය ලබා දෙනු ලබන්නේ scim-qtimm මඟිනි.

විවිධ භාෂා ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කල යුතු යතුරු පහත සඳහන් වේ:

  • සියළුම භාශාවන්: Ctrl-Space

  • ජපාන: සෙන්කකු-හැන්කකු හෝ Alt-`

  • කොරියානු: Shift-Space

SCIM වැඩසටහන ස්ථාපනය කර ඇත්නම්, එය ප්‍රකෘතියක් ලෙස සියළුම පරිශීලකයින් සඳහා ක්‍රියාත්මකව පවතිනු ඇත.

SCIM යාන්ත්‍රණයට අදාල ඇසුරුම් ස්ථාපනය කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් පසුව, ඔබ විසින් සිදුකරන ලද වෙනස්කම් SCIM භාෂා මෙනුවේ ක්‍රියාත්මක වීම සඳහා නව ඩෙස්ක්ටොප් සැසියක් ආරම්භ කිරීම රෙකමදාරු කරනු ලැබේ.

භාශා ස්ථාපනය

සමහර ආසියානු භාෂා සඳහා අතිරේක භාෂා පහසුකම සක්‍රීය කිරීමේදී ඊට අදාල අතිරේක සහයෝගීතා ඇසුරුම් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. පහත සඳහන් වන්නේ මෙම භාෂා ලැයිස්තුවක් සහ ඊට අදාල ඇසුරුම් ස්ථාපනය කිරීම සඳහා (root පරිශීලක ලෙස) අවශ්‍ය වන විධානයන් සහ සහයෝගීතා ඇසුරුම් වේ:

  • ඇසමීස් — yum install fonts-bengali m17n-db-assamese scim-m17n

  • බෙන්ගාලි — yum install fonts-bengali m17n-db-bengali scim-m17n

  • චීන — yum install fonts-chinese scim-chewing scim-pinyin scim-tables-chinese

  • ගුජරාති — yum install fonts-gujarati m17n-db-gujarati scim-m17n

  • හින්දි — yum install fonts-hindi m17n-db-hindi scim-m17n

  • ජැපනීස් — yum install fonts-japanese scim-anthy

  • කන්නද — yum install fonts-kannada m17n-db-kannada scim-m17n

  • කොරියන් — yum install fonts-korean scim-hangul

  • මලයාලම් — yum install fonts-malayalam m17n-db-malayalam scim-m17n

  • මරාති — yum install fonts-hindi m17n-db-marathi scim-m17n

  • ඔරියා — yum install fonts-oriya m17n-db-oriya scim-m17n

  • පන්ජාබි — yum install fonts-punjabi m17n-db-punjabi scim-m17n

  • සිංහල — yum install fonts-sinhala m17n-db-sinhala scim-m17n

  • ද්‍රවිඩ — yum install fonts-tamil m17n-db-tamil scim-m17n

  • තෙලිඟු — yum install fonts-telugu m17n-db-telugu scim-m17n

අතිරේක භාෂා පහසුකම සක්‍රියව වඩාත් හොඳින් පද්ධතිය භාවිත කිරීම සඳහා scim-bridge-gtk සහ scim-qtimm ස්ථාපනය කිරීම අනුමත කරනු ලැබේ. scim-bridge-gtk ඇසුරුම මඟින් libstdc++ වැනි පැරණි තෙවන පාර්ශවීය වැඩසටහන් සමඟ සම්බන්ධ වීමේදී ඇතිවන අංකිත ඝට්ටන වලකානු ලැබේ..

පහත සඳහන් වැඩසටහන් සඳහා අතිරේක භාෂා පහසුකම ඇතුලත් ඇසුරුම් භාවිතයේ තිබෙන බව මතක තබාගන්න. OpenOffice (openoffice.org-langpack-<language code>_<locale>) and KDE (kde-i18n-<language>). ඉහත ඇසුරුම් සියල්ල yum භාවිතයෙන්ද ස්ථාපනය කලහැක.

im-chooser

නව පරිශීලක මානකරන මෙවලම නොහොත්im-chooser එකතු කර ඇත, මෙය ඔබේ ඩෙස්ක්ටොප් එක මත යතුරු පුවරු මාදිලය අක්‍රීය/සක්‍රීය කිරීම සදගහා භාවිතා කල හැකිය. SCIM ස්තහාපනය කලද එය භාවිතයට ගැනීමට අකමැති වන්නේ නම් එය im-chooser භාවිතා කර අක්‍රීය කල හැක.

xinputrc

X ආරම්භ වීමේදී, xinput.sh නව කේතයන් ~/.xinputrc හෝ /etc/X11/xinit/xinputrc ~/.xinput.d/ හෝ /etc/xinit/xinput.d/යටතේ සොයනු වෙනුවට.

Firefox තුල Pango පහසුකම

තුල තිබෙන Red Hat Enterprise Linux 5 Firefox සාදා ඇත්තේ Pango සමඟ වේ, එය ඉන්දියානු, චීන, ජපාන හා කොරියානු භාශාවන් මනා ලෙස හසුරවමින් ඒ සඳහා අවශ්‍ය පහසු කම ලබා දේ.

Pango අක්‍රීය කිරීම සඳහා, MOZ_DISABLE_PANGO=1 ලෙස Firefox ආරම්භ කිරීමට ප්‍රථම ඔබේ පසුබිම සකසා සිටින්න.

ෆොන්ට් වර්ග

මහත මුහුණත් වලින් තොර ෆොන්ට් සඳහා අවශ්‍ය වන පහසුකම අන්තර් ගත කර ඇත.

චීන භාශාව සඳහා වන නව ෆොන්ට් වර්ග එකතු කර ඇත: AR PL ShanHeiSun Uni (uming.ttf) සහ AR PL ZenKai Uni (ukai.ttf). AR PL ShanHeiSun Uni ප්‍රකෘති ෆොන්ට් එක වේ, මෙය තුල බිට් මැප් ඔබ්බවා ඇත. වැටිසන් සහිත සංකේතයනෙ භාවිත කිරීමට කැමති වන්නේ නම්, පහත දැක්වෙන කොටස ඔබේ ~/.font.conf ගොනුවට එකතු කරන්න:

<fontconfig>
  <match target="font">
    <test name="family" compare="eq">
      <string
>AR PL ShanHeiSun Uni</string>
    </test>
    <edit name="embeddedbitmap" mode="assign">
      <bool
>false</bool>
    </edit>
  </match>
</fontconfig
>                                
                        
gtk2 IM උප මෙනුව

Gtk2 මෙනුව IM අනු මෙනුව ප්‍රකෘතියන් ලෙස තවදුරටත් නොපෙනී යයි. විධාන රේඛාවට පිවිස පහත සඳහන් විධානය මාර්ගයෙන් ඔබහට එය සක්‍රීය කල හැක:

gconftool-2 --type bool --set '/desktop/gnome/interface/show_input_method_menu' true

CJK මත පාඨමය ස්ථාපන පහසුකම

CJK (චීන, ජපාන, සහ කොරියානු) දර්ශණය කිරීමේ පහසුකම ඇනකොන්ඩා පාඨමය ස්ථාපනයේදී ඉවත්කර ඇත. දිගුකාලීනව පාඨමය අයුරින් සිදුකෙරෙන ස්ථාපනයන් සඳහා වන පහසුකම නොසලකා හරිනු ලැබ ඇත, චිත්‍රක (GUI) ස්ථාපනයක් ලෙස, VNC සහ චිත්‍රක ක්‍රමයන් වඩා උචිත වේ

අතහැර දමන ලද gtk+

පහත සඳහන් ඇසුරුම් නොසලකා හරිනු ලැබ ඇති අතර ඒවා Red Hat Enterprise Linux හී දී ඉවත් කිරීමට සැලසුම් කර ඇත:

  • gtk+

  • gdk-pixbuf

  • glib

gtk2 අඩුක්කුව සඳහා ඊට අවකාශ ලබාදෙනු වස් මේවා නොසලකා හැර තිබේ, මක්නිසාද යත් ජාත්‍යන්තයකරණය සහ ෆොන්ට් හැසිරවීමේ ක්‍රියාවලිය නව ගොනු අඩුක්කුව භාවිතයෙන් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බැවිනි.

විධාන පුවරුව මත CJK ඇතුල් කිරීමේ පහසුව

ඔබහට චීන, ජපාන, කොරියානු අක්‍ෂර ඔබේ විධාන පුවරුව මත දර්ශණය කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් framebuffer සැකසිය යුතුය; පසුව, bogl-btermස්ථාපනය කර bterm විධානය framebuffer මත ක්‍රියාත්මක කරන්න.

කර්නල් සටහන්

මෙම කොටස් මඟින් විදහා දැක්වනුයේ 2.6.9 (Red Hat Enterprise Linux 4 මත පදනම්ව ඇති ආකාරය) සහ 2.6.18 (එය Red Hat Enterprise Linux 5 ලබා ගනු ඇත) July 12, 2006 වන විටදී තිබෙන ආකාරය වේ. අප මේ වන විට අතිරේක ක්‍රියාවලියන් එකතු කිරීම සඳහා (උදාහරණ ලෙස, අථත්‍යකරණය) කටයුතු කරමින් සිටි, බොහෝ දුරට 2.6.18 හෝ 2.6.19 විදහ දක්වා නොමැත.මෙය තවත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් , දැනට Linus වෘක්‍ෂය මත තිබෙන සියල්ල මෙහි අන්තර්ගත වේ. මෙය අවසාන හෝ සම්පූර්ණ කර තිබෙන පද්ධතිය නොවේ. නව Red Hat Enterprise Linux 5 ක්‍රියාකාර කම් මඟින් අප බලාපොරොත්තු තබාගෙන සිටින ඉලක්කයන් සම්බන්ධයෙන් හොඳ පෙර දැක්මක් ලබා ගත හැක. දෘඪාංග තුල සිදුව තිබෙන වෙනස්කම් හා සිදු කර තිබෙන කුඩා වැඩි දියුණු කිරීම් මෙහි ඇතුලත් කර නොමැත.

පහත දැක්වෙනුයේ මීලඟ පියවර සම්බනධව තිබෙන සවිස්තරාත්මක විස්තර තිබෙන ප්‍රභවයකි:

http://kernelnewbies.org/LinuxChanges

ඵලදායි තාවය සහ/ සමතුලිත බව
  • ආරක්ෂාවීම සඳහා විශාල කර්නල් අගුල(2.6.10)

  • ස්වෙච්චාමය කර්නලය ආරක්‍ෂාකර ගැනීම සඳහා වන පැච් එක(2.6.13) (Red Hat Enterprise Linux 4 හි අනු ඛණ්ඩයකි)

  • futexes සඳහා සැහැල්ලු user-space ප්‍රමුඛත්ව (PI) පහසුකම , සජීව වැඩසටහන් සඳහා ප්‍රයෝජනවත් වේ (2.6.18)

  • නව 'mutex' අගුළුලන ප්‍රාථමිකය (2.6.16)

  • විශාල විභේදනයන් සහිත කාල මාපකයන්(2.6.16)

    • අවම විභවයෙන් කල් ඉකුත්වන API kernel/timer.c මත ක්‍රියාවේ යොදවා ඇත, hrtimers මඟින් වඩාත් හොඳ විභවුක් සහ නිරවද්‍යතාවයක් ලබාදෙනු ලබයි. මීට පද්ධතියේ මානකරනය හා හැකියාවද බලපානු ඇත. මෙම කාල ගණකයන් itimers සඳහා භාවිත කෙරේ, POSIX කාල ගණකයන් නිසි ලෙස (nanosleep) නිරවද්‍යව kernel වේලාව දක්වනු ලබයි.

  • මොදියුලය, ක්‍රියාත්මක වන විටදී I/O සැලසුම් කරණයන් සඳහා මාරු විය හැක (2.6.10)

    • Red Hat Enterprise Linux 4 තුල තිබෙන boot විකල්පයේදී පමණක් මෙය වෙනස් කල හැක (පෝලිමක් වෙනුවට පද්ධතියට බල පැවැත්වෙන පරිදි).

  • නව නල මාර්ගයක් ක්‍රියාවේ යොදවමින් (2.6.11)

    • නල මාරගයේ බෑන්ඩ්විත් එකෙහි ඵලදායිතාව 30-90% දක්වා වැඩි දයුණු වී ඇත.

    • බ්ලොකින් රයිටරයන්ට වඩා වෘත්තාකාර රඳනයන් හට වැඩිපුර රඳාගැනීමේ හැකියාවක් ඇත

  • "Big Kernel Semaphore": විශාල කර්නල් අගුල් ධජ සංඤා ලෙස පරිවර්තනය වේ

    • ස්ව ආරක්‍ෂාව එකතු කිරීම මඟින් අගුල් රඳවා සිටින දිගු වේලාවන් කුඩා කොටස් වලට කඩා ප්‍රමාදයන් අවම කරනු ලැබ ඇත

  • X86 "SMP විකල්පයන්"

    • ලබා ගත හැකි වේදිකාවන් මත තනි කර්නලයක් ලෙස ක්‍රියාත්මක වීමේදී එහි කාර්යක්‍ෂමතාවය වැඩි කරනු ලබයි.

    • යොමුව: http://lwn.net/Articles/164121/

  • libhugetlbfs

    • කේත රචනය සංශෝධනය නොකර විශාල පිටු පහසුකම Linux තුල සපයනු ලබයි.

  • කර්නල් හෙඩර් ඇසුරුම

    • glibc-kernheaders ඇසුරුම ආදේශ කරනු ලබනවා

    • නව headers_install මඟින් 2.6.18 කර්නලය හට මනා යෝග්‍යතාවයක් ගෙන දෙයි.

    • සැලකිය යුතු කර්නල් ශීර්ෂ සම්බන්ධ වෙනස්කම්:

      • <linux/compiler.h> ශීර්ෂ ගොනුව ප්‍රයෝජනවත් නොවන හෙයින් ඉවත් කරන ලදී

      • _syscallX() macros; user-space වෙනුවට භාවිත කලයුත්තේ syscall() C පුස්තකයන් වේ

      • <asm/atomic.h> සහ <asm/bitops.h> ශීර්ෂ පුස්තකයන් ඉවත් කරන ලදී; C කම්පයිලරය එය සතු ඇටොමික් ක්‍රියාන්විතයන් භාවිතයෙන් user-space වැඩසටහන් හට උචිත ලෙස සකස් කර ඇත.

      • අන්තර් ගත සියල්ල #ifdef __KERNEL__මඟින් ආරක්‍ෂා කර තිබුනි. නමුත් එය unifdef මෙවලම සමඟ සම්පූර්ණයෙන් ඉවත් කර ඇත; __KERNEL__ බලපෑමක් නොමැති කොටස් පරිශීලක හට නොපෙනෙන ලෙස තැබීමට නීර්ණය කරමින්.

      • PAGE_SIZE පේජ් ගොනුවේ තිබෙන අසමානතා හේතු කොට ගෙන සමහර නිර්මිතයන් සතු macro ඉවත් කරන ලදී; user-space භාවිත කල යුත්තේsysconf (_SC_PAGE_SIZE) හෝ getpagesize()

    • user-space හට වඩාත් යෝග්‍ය තත්වයක් ලබා දෙනු වස් ශීර්ෂ ගොනු කිහිපයක් සහ ශීර්ෂ අන්තර්ගතයන් කිහිපයක් ඉවත් කරනු ලැබීය

එකතු කරන ලද ගණීය විශේෂාංගයන්

  • kexec සහ kdump (2.6.13)

    • netdump kexec විසින් ආදේශ කර ඇත.kdump, වේගවත් ආරම්භයක් සහ විශ්වාසනීය kernel vmcores ලබාදීම හා විකිත්සක අවශ්‍යතාවයන් මෙමඟින් සිදු කරනු ලබයි. වැඩි විස්තර සහ මානකරන තොරතුරු ලබා ගැනීම සඳහා කරුණාකර, /usr/share/doc/kexec-tools-<version>/kexec-kdump-howto.txt වෙත යොමු වන්න(ආදේශ කරන්න <වෙළුම> අදාල වෙළුම සමඟ kexec-tools ස්ථාපිත ඇසුරුම්).

    • kdump ක්‍රියාවලිය වත්මන් අථත්‍යකරණ කර්නල් හට භාවිත කල නොහැක.

  • inotify (2.6.13)

    • පරිශීලක අතුරු මුහුණත මේ සඳහා ගනු ලබන්නේ syscalls මඟිනි: sys_inotify_init, sys_inotify_add_watch, සහ sys_inotify_rm_watch.

  • ක්‍රියාත්මක ක්‍රියාවලි සම්බන්ධකය (2.6.15)

    • fork, exec, id වෙනස සහ සියළුම ක්‍රියාවලියන් සතු පිට වීමේ සිදුවීම් user-space වෙත වාර්ථා කරනු ලබයි.

    • මෙම සිදුවීම් වඩාත් යෝග්‍යයැයි හැගෙන වැඩසටහන් ගිණුම් ගත කර හෝ/ විගණනය කිරීමට ඇතුලත් කල යුතු වේ (උදාහරණ ලෙස, ELSA), පද්දහතියේ ක්‍රියාවලි අධීක්‍ෂණය (උදාහරණ ලෙස, top), ආරක්‍ෂාව සහ සම්පත් පරිහරණය(උදාහරණ ලෙස, CKRM). මෙම කොටස් per-user-namespace, "ගොනු , බහලුම් ලෙස" සහ වෙළුම් සහගත ගොනු පද්ධති අර්ථ විචාර මඟින් ලබා දේ.

  • ගණීය RTC (සජීව ඔර්ලෝසුව) අනු පද්ධතිය (2.6.17)

  • splice (2.6.17)

    • නව IO යාන්ත්‍රණය වැඩසටහන් දෙකක් අතර දත්ත හුවමාරු කිරීමේදී පිටපත් කිරීම වලකයි.

    • යොමුව: http://lwn.net/Articles/178199/

ගොනු පද්ධතිය / LVM

  • EXT3

    • ext3 හි තිබෙන විශාල අයිනෝඩයන්ගේ දිගුකර තිබෙන ගුණාංග සඳහා පහසුකම් සපයා ඇත: ඉඩ සහ ඵලදායිතාවය වැඩි කරයි(2.6.11)

  • ධාවකයන් පිඹුරු පත් කරන බහු මාර්ග පහසුව

  • NFSv3 සහ NFSv4 (2.6.13) සඳහා ACL පහසුකම

  • NFS: (2.6.16) වයරය මත විශාල ලිවීම් හා කියවීම් සඳහා අවශ්‍ය පහසුකම ලබා දේ.

    • 1MB ප්‍රමාණය දක්වා හුවමාරු කිරීමේ පහසුව දැන් Linux NFS ග්‍රාහක ලබා දේ.

  • VFS වෙනස්කම්

  • විශාල CIFS නවීකරණය (2.6.15)

    • Kerberos සහ CIFS ACL හි ඵලදායිතාවය වර්ධනය කිරීමේ ක්‍රම වේදයන් ඇතුලත් කර ඇත.

  • autofs4: user-space autofs හි සිට ඍජුවම සවි කිරීමේ හැකියාව නවීකරණය කිරීමේදී ඇතුලත් කර ඇතකෙලින(2.6.18)

  • මධ්‍ය ගබඩාකරණ කාරක(2.6.18)

ආරක්‍ෂාව

  • SELinux (2.6.12) සඳහා බහු විධි ආරක්‍ෂක විධි ක්‍රියාත්මක කිරීම

  • උප පද්ධතිය විගණනය කරන්න

    • ක්‍රියාවලි දර්භ මත පදනම්ව සිදුව පෙරහන්පහසුකම(2.6.17)

    • බොහෝ පෙරහන් කිරීමේ රීති සංසන්දනයන් (2.6.17)

  • TCP/UDP getpeercon: එක් කොටසක සිදුරක IPSec ආරක්‍ෂක සහයෝගීතාවයට අදාල විස්තර ලබාගැනීම සඳහා ආරක්‍ෂාවට අදාල වැඩසටහන් අවධියෙන් තැබීම සක්‍රීය කරන ලදී. unix පද්ධති මත MLS-level තොරතුරු පමණක් අවශ්‍ය වන්නේ නම් , IPSec වෙනුවට NetLabel භාවිතා කල හැක.

ජාලකරණය

  • TCP සංකුලන මොඩියුල (2.6.13) එකතු කර ඇත.

  • IPv6: සඳහා නව sockopt / ancillary සංකීර්ණ දත්ත API (2.6.14) එකතු කර ඇත

  • IPv4/IPv6: UFO (UDP අධිබරැති ෆ්‍රැග්මෙන්ටේශන්) Scatter-gather එළැඹීම (2.6.15)

    • UFO යනු Linux kernel තුල වන ජාල අඩුක්කුව විසින් විශාල UDP දත්ත කොටස් IP කැබලි වලට කැඩීයාමේ ක්‍රියාවලිය අවම කරනු ඇත. මෙමඟින් එම UDP කොටස් MTU ප්‍රමාණයේ පැකැට්ටු ලෙස කොටස් කිරිම සඳහා වැය වන සම්පත් අවම වනු ඇත.

  • nf_conntrack උප පද්දහතිය එකතු කරන ලදී (2.6.15)

    • දැනට පවතින සම්බන්ධතා අධීක්ෂණය කරන netfilter උපාංගය හට හැසිරවිය හැක්කේ ipv4 පමණි. මෙහිදී ipv6 අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි ආකාර දෙකක් වේ; ipv4 සම්බන්ධතා නිරික්‍ෂණ ipv6 ලෙස පිටපත් කරගැනීම හෝ අනු වාහකයක් භාවිත කිරීම වේ(TCP, UDP, උදාහරණ ලෙස.) මෙම මොඩියුල මේ වන තෙක් ඒවාට අදාල කේත රචනා ලියා නොමැත. එනමුත් nf_conntrack හත ඕනෑම තුන්වන (3) ස්තරයන් මත ක්‍රියාකරන වාහකයක් සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ඇත..

  • IPV6

    • RFC 3484 සමඟ සමපාත වන මූල ලිපිනය තෝරාගැනීම (2.6.15)

    • Router රිසිකරණ පහසුකම ඇතුලත් කර ඇත(RFC4191) (2.6.17)

    • Router වෙත ලඟාවිය හැකි සෝදිසි කිරීමේ පහසුව ඇතුලත් කර ඇත(RFC4191) (2.6.17)

    • බහු මාර්ග වගු සහ ප්‍රතිපත්ති මාර්ග පහසුකම එකතු කර ඇත

  • රැහැන් රහිත ප්‍රකෘතියන්

    • දෘඩාංග සංඤාමය කේත සහ ඛණ්ඩනයන් අඩුකිරීමේ පහසුකම

    • QoS (WME) පහසුකම, "රැහැන් රහිත spy පහසුකම"

    • මිශ්‍ර PTK/GTK

    • CCMP/TKIP පහසුකම සහ WE-19 HostAP පහසුකම

    • BCM43xx රැහැන් රහිත ධාවකය

    • ZD1211 රැහැන් රහිත ධාවකය

    • රැහැන් රහිත දිගු සඳහා WE-20, වෙළුම 20 (2.6.17)

    • දෘඪාංග වලින් ස්වාදීනව මෘදුකාංගමය MAC ස්තරය එකතු කර ඇත, "Soft MAC" (2.6.17)

    • LEAP අනන්‍යතාවය තහවුරු කරගැනීමේ මාදිලිය

  • ගණීය ඛන්‍ඩනය හට ඉවත් කිරීමේ පහසුකම එකතු කර ඇත (GSO) (2.6.18)

    • මෙය සක්‍රීය කර තිබෙන්නේ නම් ඵලදායිතාවය ඉහල දැමිය හැකethtool

  • DCCPv6 (2.6.16)

එකතු කරන ලද දෘඪාංග පහසුකම

සටහන

මෙම කොටස මඟින් කියවෙනුයේ අන්තර්ගතව ඇති බොහෝ ගණීය හැකියාවන් වේ.

  • x86-64 ක්ලස්ටර්ඩ් APIC පහසුකම (2.6.10)

  • Infiniband පහසුකම (2.6.11)

  • හොට් ප්ලග්

    • ගණීය මතකය එකතු කරන්න/ඉවත් කරන පහසුව මෙමරි හොට් ප්ලග් එක සමඟ එකතු කර ඇත (2.6.15)

    • භෞතිකව එකතු කරන CPU සඳහා හොට් ප්ලග් පහසුව (දැනට ක්‍රියාත්මක CPU සඳහා ොට් ප්ලග් අක්‍රීය / සක්‍රීයකල හැක )

  • SATA/libata වැඩි දියුණු කිර ඇත, අමතර දෘඪාංග පහසුකම

    • නැවුම් ලෙස සම්පූර්ණයෙන් සකසන ලද libata දෝශ හැසිරවීම; මෙහි මූලික අරමුණ වන්නේ SATA උප පද්ධතිය තුල ඇති වන විවිධාකාර වූ දෝශයන් සදොස් කිරීම වේ..

    • Native Command Queuing (NCQ), SATA වෙළුම විධාන පෝලිම් ගත කරමින් - සතුව I/O විමසීම් කිහිපයක් එකවර එකම ධාවකයක් මත යෙදෙවීමේ හැකියාව ඇත. (2.6.18)

    • හොට් ප්ලග් පහසුකම (2.6.18)

  • EDAC පහසුකම (2.6.16)

    • EDAC හි අරමුණ වන්නේ පරිගණක පද්ධතිය තුල සිදුවන දෝශයන් හඳුනාගෙන වාර්තා කිරීම වේ..

  • ioatdma ධාවකයක් Intel(R) I/OAT DMA එන්ජිම සඳහා (2.6.18) එකතු කරන ලදී.

NUMA (Non-Uniform Memory Access) / Multi-core (බහු මධ්‍ය)

  • Cpusets (2.6.12)

    • Cpusets විසින් කාර්යයන් සඳහා අවශ්‍ය CPUs සහ මතක නෝඩ් ලබා දෙනු ඇත. Cpusets සතුව CPU සහ මතකය කාර්යයේ යන් මනා ලෙස පාලනය කරනු ලබයි. මෙය විශාල පද්ධහති හට විශාල කාර්යයන් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

  • NUMA-aware තට්ටු සපැයුම(2.6.14)

    • This creates slabs on multiple nodes and manages slabs in such a way that locality of allocations is optimized. Each node has its own list of partial, free and full slabs. All object allocations for a node occur from node-specific slab lists.

  • Swap සංක්‍රමණය (2.6.16)

    • Swap සංක්‍රමණය නෝඩ් අතර පිටු වල භෞතික ස්ථානය වලනය කිරීමේ පහසුව සලසා දෙනු ලබයි.NUMA පද්ධති තුල යම් ක්‍රියාවලියන් සිදුවන අතරේ මෙය සිදු කල හැක.

  • ඉතා විශාල පිටු (2.6.16)

    • විශාල පිටු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය NUMA ප්‍රතිපත්ති ඇතුලත් කර ඇත: huge_zonelist() මතක ප්‍රතිපත්ති ස්තරය NUMA විසින් විමසන දුරස්ථ කලාප ලබා දෙනු ඇත. hugetlb ස්තරය විසින් විශාල පිටු සහිත කලාප සහ නොඩ් වල සහ වත්මන් cpuset තුල විමසනු ඇත.

    • විශාල පිටු cpusets හට අවනත වෙනු ඇත.

  • එක් කලාපයක් සඳහා වන VM ගණකය

    • කලාප මත පදනම්ව VM සංඛ්‍යාත්මක දත්තයන් ලබා දෙනු ලැබේ, මතක කලාපයේ අගය කුමන කලාපයකට අයත් වන්නේ දැයි දැනගැනීමට මෙය ප්‍රමාණවත් වේ.

  • Netfilter ip_tables: NUMA-aware යෙදවීම. (2.6.16)

  • බහු මධ්‍ය

    • මධ්‍ය අතර multi-core සමඟ පොදු ගබඩා සඳහා නව කාර්ය සටහන් දාමයක් එකතු කරන ලදී . මෙමඟින් ක්‍රමවත්ව cpu කාර්ය සටහන් තීරණ වඩාත් විධිමත් හා කාර්යක්‍ෂම ලෙස බොහෝ අවස්ථාවල සිදුකරනු ලබයි (2.6.17).

    • CPU සඳහා වන බල පිරිමැසුම් කාර්ය සටහන: multicore/smt cpus, ඇතැම් ඇසුරුම් භාවිතයේ පවතින විට අනෙක් ඇසුරුම් ක්‍රියාත්මක කිරීම මගින් බලය පිරිමසා ගත හැක, එවිට ලැබී ඇති කාර්යයන් සියළු CPU මත යෙදෙවීම අවශ්‍ය නොවේ.

( x86 )



[1] http://www.opencontent.org/openpub/ මඟින් ලබාගත හැකි අංක 1 වෙළුමට අයත් විවෘත මද්‍රණ බලපත්‍රයට අයත් කොන්දේසි හා සීමාවන්ට යටත්ව බෙදාහැරීමට පුළුවන.